කොළඹ ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ශිත කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීම තුළ මූලික අයිතිවාසිකම් රාශියක් කඩ වන බව 'ලිබරල් තරුණ ව්‍යාපාරය'

පවසයි.

ශ්‍රී ලංකාවේ ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් 1955 අංක 32 රාජ්‍ය රහස් පනතෙහි දෙවන වගන්තිය ප්‍රකාරව පිළිවෙලින් කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර, වාණිජ සහ පරිපාලන අග නගරයන්හි ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.

උක්ත ක්‍රියාව මගින් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හිමිකර දී ඇති සංචරණයෙහි නිදහස, සාමකාමීව එක් රැස්වීමේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වැනි මූලික අයිතිවාසිකම් රාශියක් කඩ වන බව 'ලිබරල් තරුණ ව්‍යාපාරය' පෙන්වාදෙයි.

'ලිබරල් තරුණ ව්‍යාපාරය' ප්‍රධාන මෙහෙයුම් නිළධාරී නීතිඥ නාමිනී පණ්ඩිත මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් එම කාරණය අවධාරණය කර තිබේ.

මීට අමතරව, තම සංවිධානය විසින් තරයේ විශ්වාස කරන සහ රැක ගැනීමට උර දෙන ලිබරල් වටිනාකම් වන නිදහස, පුද්ගලවාදය සහ නීතියේ ආධිපත්‍යය වැනි වටිනාකම් කඩවන බව ලිබරල් තරුණ ව්‍යාපාරය එම නිවේදනය මගින් අවධාරණය කර සිටියි.

ඒ අනුව, ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ මෙම ක්‍රියාකලාපය පිළිබඳව දැඩි කණස්සල්ල ප්‍රකාශ කර සිටින බවද එම නිවේදනයේ සඳහන්  වේ.

එපමණක් නොව, ශ්‍රී ලාංකේය පුරවැසියාට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති මූලික අයිතිවාසිකම් රැක ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන්න බවද 'ලිබරල් තරුණ ව්‍යාපාරය' අවධාරණය කර සිටියි.

IMG 9819


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්