“ඕලු නෙළුම් නෙරිය රඟාලා” සිසිර සේනාරත්නයන්ගේ ගීතයට ඔරුවක පාවී යමින් එදා “රේඛාව” චිත්‍රපටියේ විශිෂ්ට රංගනයක නිරත වූ (නිමල්ගේ චරිතය)

ප්‍රවීණ රංගනවේදී ආනන්ද වීරකෝන් මහතා සැප්තැම්බර් (23 දා) අවසන් ගමන් ගියේය.

චිත්‍රාගාර දර්ශන තුළ සිරවී තිබූ සිංහල චිත්‍රපට කැමරාව එළිමහන් දර්ශන තලයට ගෙන යමින් මෙරට සිනමාවේ නව පුනරුදයක ඇරඹුම සටහන් කළ දිවංගත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරින්ගේ පළමු වෘත්තාන්ත චිත්‍රපටයව ද “රේඛාව” වන්නේය.

මිය යන විට 88 වැනි වියේ පසු වූ ආනන්ද වීරකෝන් මහතා පොඩි පුතා (1955), සුකුමලී (1957), රේඛාව (1956), ජීවිත සටන (1957), මා ආලේ කළ තරුණිය (1959), වනමලී (1960) ආදී චිත්‍රපටි ගණනාවක රඟපෑ ආනන්ද, කොළඹ නාලන්ද මහා විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකි.

යූ. ඒ. එස්. පෙරේරා (සිරි අයියා) ඔහුගේ සිංහල ගුරවරයා වූ අතර, ශේෂා පලිහක්කාරයන් ඔහුගේ නැටුම් ගුරුවරයා විය.

1954 දී එලිසබෙත් රැජනගේ ශ්‍රී ලංකා සංචාරයේදී ශේෂා පලිහක්කාර, ටයිටස් තොටවත්ත සමගින් රැජන පිළිගැනීම සඳහා විශේෂ නර්තන ජවනිකාවක් ද ඉදිරිපත් කිරීමට ඔහු එක්විය.

වීරකෝන් මහතා සමග එදා “රේඛාව” සිනමා පටයේ රඟපෑ අය අතර මල්ලිකා පිලපිටිය, ඩී. ආර්. නානායක්කාර, ශේෂා පලිහක්කාර, සෝමපාල ධර්මප්‍රිය, අයිරාංගනී සේරසිංහ (මීදෙණිය), වින්සන්ට් සේරසිංහ, ඇන්. ආර්. ඩයස්, මාපා ගුණරත්න ඇතුළු පිරිසක් වූහ. ගීත රචනය (මර්සලින් ජයකොඩි පියතුමා), සුනිල් ශාන්ත (ගී තනු නිර්මාණය), බී. එස්. පෙරේරා (සංගීතය), ලතා වල්පොල, සිසිර සේනාරත්න, ඉන්ද්‍රාණි විජේබණ්ඩාර, තිලකසිරි ප්‍රනාන්දු, අයිවෝ ඩෙනිස් (පසුබිම් ගායනය), ගාමිණී ෆොන්සේකා, විජය අභයදේව (සහාය අධ්‍යක්ෂණය) වුහ.

රංගන ශිල්පී ආනන්ද වීරකෝන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පෙරේදා (23 දා) සවස බොරැල්ල කනත්තේදී සිදු කෙරිණි.


(ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් -divaina.lk)



ගීතය : ඕලු නෙළුම් නෙරිය රඟාලා..... 

 
*ගායනය : සිසිර සේනාරත්න
*චිත්‍රපටය : රේඛාව (තිරගතවීම : 1956 දෙසැම්බර් 28)
*ඉදිරිපත් කිරීම : සීමාසහිත චිත්‍රලංකා සමාගම 

 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්