රට තුළ කැළඹිලි සහගත තත්ත්වයක් ඇති කිරීමට සීමිත පිරිසක් කටයුතු කරමින් සිටින බව වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

පවසයි.

රටේ පවතින ආරක්‍ෂක තත්ත්වය සම්බන්ධයෙන් කරුණු දැක්විම සදහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

යම් ස්ථානයක උද්ඝෝෂණයක්, හෝ පෙළපාලියක් පවත්වන්නේ නම් රටේ ක්‍රියාත්මක නීතියට අනුව ඒ සම්බන්ධයෙන් පැය හයකට පෙර පොලිසිය හෝ ආරක්ෂක අංශ දැවත් කර පූර්ණ අනුමැතිය ලබා ගත යුතු බව බවද ඔහු එහිදී ප්‍රකාශ කළේය.

දැන් පැවැත්වෙන කිසිදු  විරෝධතා, උස්ඝෝෂණ  පැවැත්වෙන්නේ එලෙස අවසර නොගෙන බවත්, ජන ජිවිතයට බාධා එල්ල වන එවැනි උද්ඝෝෂණ, පෙළපාලි  හෝ විරෝධතා  නීති  ප්‍රකාරව මැඩපැවැත්වීමට ආරක්ෂක අංශ කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

වර්තමානයේ විරෝධතා පැන නැගෙන්නේ ගමෙන් හෝ ගොවි බිමෙන් නොවන බවත් සාමාන්‍ය ජනතාව පෙර පරිදි උද්ඝෝෂණ සදහා කැදවීම පහසු නොවන බවත් වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් එහිදී වැඩිදුරටත් සදහන් කළේය.

අභියෝගකාරි පසුබිමක් තුළ රට තුළ කැළබිළි තත්ත්වයක් නිර්මාණය කිරීමට සිමිත පිරිසක් කටයුතු කරන බවත්, දේශපාලන න්‍යාය ප්‍රත්‍ර වලට විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම්, සහ අන්තගාමී වෘත්තිය සමිති  පිරිස් මෙහි මුල්තැන ගෙන කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

 

ජනතාවට විරෝධතා පැවැත්වීමට, උද්ඝෝෂණය කිරීමට  ඇති අයිතිය රජය පිළිගන්නා බවත්, ඒවාට ගරු කරන බවත්, නමුත් කිසිදු උද්ඝෝෂණයක් , පෙළාපාලියක් හෝ විරෝධතාවක් නිසා සාමාන්‍ය ජන ජීවිතයට, ආර්ථිකයට බාධාවක් නොවිය යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

 

කුමන තත්ත්වයක් යටතේ වුවද රටේ මහජන සාමය වෙනුවෙන් පනවා ඇති නීති කඩකරමින්, ජනතාවය බාධා වන පරිදි වගකීම් විරහිතව හැසිරිමට කිසිදු පාර්ශවයකට ඉඩදින නොහැකි බවත්, මේ  සම්බන්ධයෙන් රජය වගකීමෙන් කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.

එසේ නොවුනහොත් මින්පෙර අත්විදි ආකාරයේ අරාජික, බියකරු, වාතාවරණයක් රටතුළ  නිර්මාණය වීම, රජයේ හා පෞද්ගලික දේපොළ විනාශ කරන, ජීවිත හානිකරමින්  කිසිදු පාලනයක් නොමැති සිදුවීම්  නැවත ඇති වීමට ඉඩ ඇති බවද අමාත්‍යවරයා සදහන් කළේය.

පෙර ඇති වු එවැනි ක්‍රියාකාරකම් අවසානයේ පාර්ලිමේන්තුව වටලන මට්ටම දක්වා වර්ධන වන ආකාරයක් දුටු බවත්, එහි ඊළග පියවර වශයෙන් අධිකරණ පද්ධතිය ආක්‍රමණය කිරීමේ අවදානමක් තිබු බවද අමාත්‍යවරයා කීය.




අධි ආරක්ෂිත කලාප නම් කළේ ඇයි? - ආරක්ෂක ලේකම් පැහැදිලි කරයි


රට ස්ථාවරත්වයට පත් වෙමින් ඇති අවස්ථාවක ඊට ඉඩ නොදී මහ ජනතාවට හිරිහැර වන පරිදි විරෝධතා පවත්වනවා නම් ඊට එරෙහිව පොලිසිය නීතිමය පියවර ගන්නා බව අරක්ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න එම මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

ඒ සඳහා නීතිමය ප්‍රතිපාදන පොලිසියට ඇති බවත්, අවශ්‍ය වුවහොත් එම තත්ත්වයන් පාලනය කිරීම සඳහා පොලිසියට සහය දැක්වීමට ආරක්ෂා හමුදා ද සූදානමින් සිටින බව ද ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා පැවසීය.

මේ අතර, අධිආරක්‍ෂිත කලාප නම් කර පසුගිය දා නිකුත් කෙරුණු ගැසට් පත්‍රය සම්බන්ධයෙන් ද ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා අදහස් දකිවීය.

එහිදී ඔහු සඳහන් කළේ, අධිආරක්ෂිත කලාප අද ඊයේ ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ඒවා නොවන බව ය.

“මෙය බොහෝ කාලයක සිට යම්කිසි ආකාරයකින් එන තත්ත්වයන් කොටසක් පාලනයට යොදා ගත්ත දේවල්. පසු ගිය කාලයේ ජනාධිපති ලේකම් කාර්යාලය වට කරගෙන හිටියා. එතන කාර්ය මණ්ඩලයට, රජයේ නිලධාරීන්ට ඒ අයගේ අරජකාරී ඉෂ්ට කරන්න අවස්ථාවක් තිබුණේ නැහැ. කාර්යාලය ඇතුළටවත් එන්න පුළුවන්කමක් තිබුණේ නෑ. ඉතින් රටේ පාලනය පිළිබඳව තීරණ ගන්න තැනට ඒ වගේ අවහිරතා ඇති වෙනවා නම් මහ ජනතාවට ඒකෙන් ලොකු දුෂ්කරතා ඇති වෙනවා. ඒ වගේ ස්ථාන අපි ආරක්ෂා කළ යුතුයි. කලින් ඇති වෙච්ච තත්ත්වය නැවත ඇති නොවිය යුතුයි.

ඒ වගේ ම තමයි ජනාධිපති මන්දිරය විදේශවලින් දූත කණ්ඩායම් ආපුවහම, ජනාධිපතිවරයා තානාපතිවරුන් සමග කතා කළේ එම ස්ථානයේ. ඒ අයට එතැනට එන්න බැරි නම්, ඒ අය කොළඹට ආව ගමන් පේන්නේ බොහෝ ම අරාජික, කලබලකාරී තත්ත්වයක් නම් ඒ අයගේ සහය රටේ යම් දියුණුවක් ලබා ගැනීමට, සහයෝගයක් ලබා ගැනීමට විශාල බාධකයක් වෙනවා. ඒ නිසා විශාල කොළඹ නගරය තුළ ඉතා ම සුළු ස්ථාන කිහිපයක් පමණයි අපි ගැසට් නියෝගයක් මගින් අධිආරක්ෂිත කලාපයක් ලෙස නම් කරලා තියෙන්නේ.”

 



 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

W

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්