අලුත් අනපනත් යොදාගෙන වර්තමාන ආණ්ඩුව බරපතල ලෙස ජනමාධ්‍ය හා ජනඅරගල මර්දනය කිරීම

සදහා සුදානම් වන බවට දිවයිනේ ප්‍රකට වෘත්තීය සමිති නායකයකු අනතුරු අඟවයි.

" කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් අරන් තියනවා මාධ්‍ය සදහා අධිකාරියක් පත්කරන්න මාධ්‍ය පාලනය  සදහා "

සමාජ මාධ්‍යයේ මෙන්ම පුවත් වෙබ් අඩවිවල ලියන්නන් නිරීක්ෂණය කර ඔවන්ට විරුද්ධව ක්‍රියා මාර්ග ගැනීමට ආණ්ඩුව සුදානම් වන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් පවසන්නේ.



විවිධ පනත් හරහා ආණ්ඩුව ගෙන එන්නේ මර්දනය බව අවධාරණය කරන ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් ප්‍රශ්න කරන්නේ රටේ ජනතාවට කතා කිරීමේ නිදහසක් නැද්ද යන්නයි.


ජනාධිපති විසින් කොළඹ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂක කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන්ද අදහස් දැක්වු ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයා පෙන්වා දෙන්නේ අගනගරයේ විරෝධතා පවත්වන ස්ථාන සියල්ල අධි ආරක්ෂිත කලාප වලට ඇතුලත් කර ඇති බවයි.

"කොළඹ උද්ඝෝෂණය කරන ප්‍රධාන උද්ඝෝෂණය කරන මධ්‍යස්ථාන සියල්ල මේකට යටත් වෙනවා."

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ දිස්ත්‍රික්කයේ කලාප අටක් අධි ආරක්ෂක කලාප ලෙස ප්‍රකාශයට පත් කර තිබුනේ රාජ්‍ය රහස් පනතේ දෙවැනි වගන්තිය යටතේ ය.


පොලිස්පතිගේ  හෝ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ පුර්ව ලිඛිත අවසරයකින් තොරව එම ස්ථාන වල  කුමන ආකාරයක හෝ ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීම සහ  ක්‍රියාකාරකම් රැසක් නොකළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.



" මේ අධි ආරක්ෂිත කලාප වල ඔය කියන ආකාරයේ පෙරහැරක් හෝ පෙළපාලියක් හෝ මේවා පැවැත්තුවාම ඇප ගන්න වෙන්නේ මහාධිකරනයෙන්," යි ජෝසප් ස්ටාලින් ගුරු සංගම් නායකයා වැඩි දුරටත් අවධාරණය කළේය.

" අපි දන්නවා මේවා පිටිපස්සේ කවුද ඉන්නේ කියලා. කමල් ගුණරත්නලා, දේශබන්දු තෙන්නකෝන්ලා, මේ සියල්ල එක්කහු වෙලා රනිල්ගේ ආශිර්වාදයෙන් මේ මර්දනය ක්‍රියාත්මක වෙන්නේ. මේ මර්දනය සදහා අණ පනත් හදන්නේ. මේවා ප්‍රජාතන්ත්‍ර විරෝධි පනත්. "

උද්ඝෝෂණ මර්දනය කරන ආණ්ඩුව අනෙක් පැත්තෙන් මාධ්‍යයත් මර්දනය කරමින් සුදානම් වන්නේ, ආණ්ඩුවට එරෙහිව ගොඩ නැගෙන බලවේග මර්දනය කිරීමට බව පවසන වෘත්තිය සමිති නායකයා අවධාරණය කළේ ඊට වෘත්තීය සමිති ව්‍යාපාරය ඇතුළු පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී බලවේග කිසි ලෙසකින්වත් ඉඩ නොදෙන බවයි.

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්