ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, සමරිසි (LGBT+) ප්‍රජාවේ සමානාත්මතාවය වෙනුවෙන් කැපවෙන බවට සහතික කරයි.
සමරිසි (LGBT+) පුද්ගලයන් කෙරේ වඩාත් ඇතුළත්භාවයෙන් යුතු සහ වෙනස්කොට සැලකීම් වලින් තොර රැකියා වටපිටාවක් නිර්මාණය කිරීම සඳහා සමාගම් කටයුතු කිරීම වැදගත් බව අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් අතර ප්‍රමුඛයකු වන ජෝන් කීල්ස් හෝල්ඩිංස් පීඑල්සී (John Keells Holdings PLC) හි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර සහ එම සමූහයේ ආයතනික සන්නිවේදන කටයුතු ප්‍රධානී සහ විවිධත්වය, සමානාත්මතාවය සහ ඇතුළත්භාවය සඳහාවූ කණ්ඩායම් නායිකා කුමුදු මුනසිංහ සමඟ මෑත දින පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔවුන් අවධාරණය කර සිටියේ, මෙම සමූහය වෙනස්කොට සැලකීම් සම්පූර්ණයෙන්ම පිටු දැකීමට කටයුතු කරන බවත්, ව්‍යාපාර කාර්යසාධනය ඉහළ නැංවීමේ සහ ජාතියේආර්ථිකයට දායක වීමේ උපායමාර්ගයක් ලෙස සේවා ස්ථානවල ඇතුළත්භාවයෙන් යුතු පරිසරයක් නිර්මාණය කිරීම වැදගත් බවත් ය.
රැකියා ස්ථානවල සමරිසි (LGBT+) ප්‍රජාවට එරෙහිව ක්‍රියාත්මක වන වෙනස්කොට සැලකීම් ආශ්රිත සිදුවීම් දේශීය වශයෙන් මෙන්ම ගෝලීය වශයෙන් ද වාර්තා වී ඇති බව පෙන්වා දෙන බාලේන්ද්‍ර, මෙම වෙනස්කොට සැලකීම් ආරම්භ වන්නේ ඔවුන් ශ්‍රම බලකායට ඇතුළු වීමට පෙර සිටම බවත්, ඔවුන් අධ්‍යාපන ආයතනවලට ඇතුළත් වීමේ අවධියේ පටන්ම මෙවන් සිදුවීම් හටගන්නා බව හඳුනා ගැනීම වැදගත් බවත් අවධාරණය කළේය.
වසර 150 කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය, වෙනස්කොට සැලකීම්වලින් තොර සහ ඇතුළත්භාවයෙන් යුතු ආයතනික සංස්කෘතියක් නිර්මාණය කිරීමෙහිලා ප්රගතිශීලී ප්‍රවේශයක් ගනිමින් සිටින අතර, සේවකයකුගේ වෘත්තීය ජීවිතයේ සෑම අදියරකදී ම සමතුලිත සහ සමාන අවස්ථා ලබාදෙන සේවායෝජකයකු වීම පිළිබඳව තම සමූහය ආඩම්බර වන බව ද හෙතෙම සඳහන් කළේය.
මෙරට ඉතිහාසයේ වඩාත්ම සාර්ථක සමාගම් අතරින් එකක් වන ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය, 2000 දශකයේ මුල් භාගයේදී වෙනස්කොට සැලකීම්වලින් තොර සමාන අවස්ථා ලබාදෙන ප්‍රතිපත්තියක් විධිමත් ලෙස ස්ථාපිත කළ පළමු සමාගම් අතරින් එකකි.
2015 වර්ෂයේදී, තමප්රතිපත්ති සහ චර්යාධර්ම සංග්‍රහයට සමරිසි (LGBT+) පුද්ගලයන් ද විධිමත් ලෙස ඇතුළත් කළ ශ්‍රී ලංකාවේ පළමු සමාගම බවට ජෝන්කීල්ස් සමූහය පත් විය.
2015 දී තම සමූහයේ ප්‍රතිපත්තිවලට සමරිසි (LGBT+) ප්‍රජාවේ ඇතුළත්භාවය නිශ්චිතවම ඇතුළත් කරන විට, ඊට සමඟාමීව ඊක්වල්ග්රවුන්ඩ් (EQUAL GROUND) ශ්‍රී ලංකා සංවිධානය සමඟ ඒකාබද්ධව සමූහය පුරා දැනුවත් කිරීමේ සහ කළමනාකරණ සංශෝධන වැඩසටහනක් ද පැවැත්වූ බව, සමූහයේ ආයතනික සන්නිවේදන කටයුතු ප්‍රධානී සහ විවිධත්වය, සමානාත්මතාවය සහ ඇතුළත්භාවයසඳහා වූ කණ්ඩායම් නායිකා කුමුදු මුනසිංහ ප්‍රකාශ කළාය.
මෙම සැසිවාරවලදී ප්‍රතිපත්ති සංශෝධනයන් සිදුකිරීම පිළිබඳවසහ වෙනස්කොට සැලකීම්වලට හේතුවන සාධක අවබෝධ කර ගැනීමේ වැදගත්කම දැනුවත් කිරීම පමණක් නොව සමරිසි (LGBT+) ප්‍රජාව මුහුණ දෙන අභියෝගයන් හමුවේ ඔවුනට සහාය ලබාදෙන හොඳ මිතුරකු වන්නේ කෙසේ ද යන්න පිළිබඳව ද පැහැදිලි කළ බව ඈ පැවසුවාය.
එපමණක් නොව, පෙර නොවූ විරූ අන්දමින් අභිමානයේ (PRIDE) මාසය සඳහා සමරිසි (LGBT+) ප්‍රජා ඇතුළත්භාවය පිළිබඳ කරුණු ඇතුළත් ත්‍රෛභාෂික විද්‍යුත්-මොඩියුලයක් (e-module) හඳුන්වා දීමට තම සමූහය කටයුතු කළ බව පෙන්වා දෙන කුමුදු මුනසිංහ, මෙමඟින් ජෝන් කීල්ස් සමූහයේ සෑම පුද්ගලයකුටම, විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට අදාළ නිවැරදිපාරිභාෂිතයන්, සර්වනාමයන්, ජීව විද්‍යාව සහ ඔවුනට වෙනස්කොට සැලකීම් සිදුකරන නීතීන් පිළිබඳව දැනුවත් කිරීමක් සිදුවූ බවත්, ඒතුළින් සමරිසි (LGBT+) ප්‍රජාවේ සහෘදයකු බිහිකරන අතරම ඔවුන් පිළිබඳව ශ්‍රී ලංකාවේ පවතින මිත්‍යා මත දුරලීමට කටයුතු කරන බවත් සැලකර සිටියාය.
දැන් මෙම විද්‍යුත්-මොඩියුලය එම සමූහයේ කාර්ය මණ්ඩලය සඳහා අනිවාර්ය වාර්ෂික නවමුවක් ලෙස කටයුතු කරන අතර, එය ආයතනික උද්ගමනය සඳහා දායක වන්නකි.
ව්‍යාපාරයන් සිදුකිරීමේදී, තම ආයතනයේ කාර්යසාධනය ඉහළ නැංවීම උදෙසා පුළුල් ප්‍රජාවක් ඇතුළත්වන පරිදි ව්‍යාපාරයක් බිහි කිරීමේ වැදගත්කම අවධාරණය කළ ක්‍රිෂාන් බාලේන්ද්‍ර, ඇතුළත්භාවයෙන් යුතුව කටයුතු කිරීම හරහා ඵලදායීතාව සහ නවෝත්පාදනය කෙරෙහි ඉහළ ප්‍රවණතාවයක් නිර්මාණය කෙරෙන බවත්, එමඟින් තමා සේවා ස්ථානය තුළ ගෞරවාදරයට පාත්‍ර වන බව දැනෙන සේවය කරනකණ්ඩායම් උපරිම කැපවීමෙන් යුතුව තම සේවය ලබා දෙන බවත් පැහැදිලි කළේය.
විවිධත්වය දිරිමත් කිරීම මඟින් සේවකයන් බඳවාගැනීමේදී ඔවුන් සතු දක්ෂතා සංචිතය ඉහළ නැංවෙන අතර, එය තීන්දු තීරණ ගැනීමේ අවස්ථාවලදී ශක්තිමත් සාකච්ඡා ඇතිකිරීමට සහ සුඛිත විවාදයන් සඳහා මඟපාදන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
ජෝන් කීල්ස් සමූහය, තම විශාල කොටස් හිමියන්ගේ සමුදායට වගකියන අතර, වෙනස්කොට සැලකීමෙන් තොර ප්‍රතිපත්ති සම්පාදනය සහ ගෞරවනීය සහ ඇතුළත්භාවයෙන් යුතු සේවා ස්ථාන ඔවුන්ගෙන් අපේක්ෂා කරයි.
තම සැබෑ අනන්‍යතාවයට අවංකව ජීවත් වීම වැදගත් බවත්, සහාය අවශ්‍ය විටෙක සමාන අදහස් ඇති පුද්ගලයන් සහ සංවිධානවල සහයෝගය ලබා ගැනීමට තමා දිරිමත් කරන බවත් සමරිසි (LGBT+) ප්‍රජාවට පණිවිඩයක් ලබා දෙමින් කුමුදු මුනසිංහ පවසා සිටියාය.
තව ද, තම සේවා ස්ථානය තුළ පවතින ඇතුළත්භාවය වැඩිදියුණු කිරීමට තම සමූහය ඉදිරියටත් කටයුතු කරන බවත්, ප්‍රජාවේ සහෘදයන් වශයෙන් ලබා දිය යුතු සහයෝගය පිළිබඳව තමා සතු දැනුවත්භාවය වැඩිදියුණු කර ගන්නා බවත්, සාධාරණ සහ ඇතුළත්භාවයෙන් යුතු සමාජයක් බිහි කිරීමෙහි ලා සිය කැපවීම සහතික කර සිටින බවත් ජෝන් කීල්ස් සමූහයේ සභාපති බාලේන්ද්‍ර ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතනයක් වන විජය පුවත්පත් (Wijeya Newspapers) සමාගම, නොමිලේ නීතිමය සහාය සපයන සංවිධානයක් වන අයිප්‍රෝබෝනෝ (iProbono) ද සමඟ සමරිසි (LGBT+) ප්‍රජාව විසින් මුහුණ දෙන වෙනස්කොට සැලකීම් හුවා දැක්වීමට සහ එම ප්‍රජාවට එරෙහිව දියත් වන ප්රචණ්ඩත්වය සහ වෙනස්කොට සැලකීම් පවත්වාගෙන යන නීතිවල ප්‍රතිසංස්කරණයන් ඉල්ලා සිටීම සඳහා ක්‍රීඩා, ව්‍යාපාර, දේශපාලන සහ සංස්කෘතික ආදී ක්ෂේත්රවල නායකයන් එකට එක්කිරීම සඳහා දියත් කරන ලද ‘එකට එක්ව’ (Better Together) නම් ව්‍යාපාරයට ව්‍යාපාර ප්‍රජාවෙන් සහභාගීවන පළමු පාර්ශවකරු වන්නේ ජෝන් කීල්ස් සමූහයයි.
(Dailymirror - සිදුකළ සාකච්ඡාවක් ඇසුරෙනි)
සබැඳි පුවත් :
සමරිසියන්ට දඬුවම් පමුණුවන නීතිවලට රටේ 72% ම එකඟ නෑ !
සමලිංගිකයින්ට එරෙහි නීති ඉවත්කරන්න - දොලවත්ත ගෙන් පනත් කෙටුම්පතක් !
සමරිසි ප්‍රජාවට එරෙහි නීති සංශෝධන පනත් කෙටුම්පත ජනපතිට
සමරිසි ප්‍රජාවට උමාරියාගේත් සහාය! - හර්ෂත් කතාකරයි
'සමරිසි ප්‍රජාවට වෙනස් කොට සැලකීම අවසන් කළ යුතුයි' - හරිනී
සමරිසි ප්‍රජාවට එරෙහි නීති අහෝසි කරන්න - මහේල
සමරිසි පිරිමියෙක් ජනාධිපති වීම!
අමාගේ සමරිසි විරෝදේ - Faculty of Sex
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.