ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන ජනාධිපති ධුර අපේක්ෂකයන්ගේ ඉතිහාසය සහ ඔවුන් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති මාලා සංසන්දනය කර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිය පක්ෂයේ

තීන්දුව ප්‍රකාශයට පත් කළ බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පවසයි.

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පාර්ශවයක් වන ඉලංකෙයි තමිල් අරසු කච්චි ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය දෙන බව ඉරිදා (නොවැම්බර් 03) නිවේදනය කළේය.

ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී එම පක්ෂයේ ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් කියා සිටියේ සජිත් ප්‍රේමදාස වෙත සිය සහය ලබා දීම සඳහා "කිසිදු කොන්දේසියක් ඉදිරිපත් නොකළ," බවය.

"අපි මේ අපේක්ෂකයන් දෙදෙනාගේ ඉතිහාසය විමසා බැලුවා. 'ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්නේ කවුද? නීතියේ ආධිපත්‍යයට ගරු කරන්නේ කවුද?' කියා බැලුවා. නමුත් සහාය දීම සඳහා කිසිම කොන්දේසියකට එකඟ වුනේ නැහැ" යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඉලංකෙයි තමිල් අරසු කච්චි, ටෙලෝ සංවිධානය සහ ප්ලොට් සංවිධානය එක්ව දෙමළ ජාතික සන්ධානය සකස් වි ඇත. එහි නායකත්වය දරනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් විසිනි.test 64

ප්ලොට් සහයත් සජිත්ට : 

ප්ලොට් සංවිධානය ද සජිත් ප්‍රේමදාසට සහය දීමට තීන්දු කර ඇතැයි එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් බීබීසී සිංහල සේවයට සඳුදා (නොවැම්බර් 04) කියා සිටියේය.

සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති මාලාව මගින් දෙමළ ජනාතාවගේ ගැටලුවලට සාධාරණ විසදුමක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි තම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දු කළ බව ඔහු පැවසීය.

ටෙලෝ සංවිධානය සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

පක්ෂ 5 ක එකඟතාවක්:

chart 1

ජනාධිපති ධුර අපේක්ෂකයන් වෙත ඉදිරිපත් කිරීම සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය සහ දේශපාලන පක්ෂ පහක් විසින් දෙමළ ජනතාවගේ ඉල්ලීම් සම්බන්ධයෙන් වන යෝජනා මාලාවක් මීට ඉහතදී සකස් කරනු ලැබ තිබිණි.

අදාළ යෝජනා 13 සකසා තිබුණේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය, ටෙලෝ සංවිධානය, ප්ලොට් සංවිධානය සහ උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වී විග්නේශ්වරන් නායකත්වය දරන දෙමළ මහජන පෙරමුණ සහ සුරේෂ් ප්‍රේමචන්ද්‍ර නායකත්වය දරන ඊපිආර්එල්එෆ් යන පක්ෂ පහේ සහභාගීත්වයෙනි.

මෙවර ජනාධිපතිවරණය සඳහා එක්ව කටයුතු කිරීමට එම පක්ෂ පහ එකඟතාවකට පැමිණ සිටිති.

සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ඉහත කී යෝජනාවලට සාධාරණයක් ඉටු වනු ඇති බවට දෙමළ ජාතික සන්ධාන නායක ආර් සම්බන්ධන් විශ්වාසය පළ කරයි.

සි.වී විග්නේශ්වරන්:
vigi

එළැඹෙන ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් සිය පක්ෂය තවමත් තීන්දුවක් ගෙන නොමැති බව දෙමළ මහජන පෙරමුණ පක්ෂයේ නායක සි.වී විග්නේශ්වරන් පවසයි.

ජනාධිපති අපේක්ෂකයින් වන සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කර ඇති මැතිවරණ ප්‍රකාශනයන්හි සිංහල සහ ඉංග්‍රීසි භාෂා පිටපත් තවදුරටත් පරීක්ෂා කර සිය මතය ප්‍රකාශ කරන බව ඔහු ඉරිදා (නොවැම්බර් 03) සඳහන් කළේය.

පසුගිය සමයේ ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශන මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලට අදාළ සිංහල සහ ඉංග්‍රීසි භාෂා මුද්‍රිත පිටපත්වල වෙනස්කම් පැවති බව උතුරු පළාත් හිටපු මහ ඇමතිවරයාගේ අදහසය. එබැවින් ජනාධිපති අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රකාශන ද නිසි පරිදි අධ්‍යයනය කළ යුතු බව ඔහු පැවසීය.

උතුරේ නොවිසඳුණු ඉල්ලීම්:

 109517390 23b2503c d65b 4d87 9dd8 61148f999ab6 1
ඉලංගයි තමිල් අරුස කච්චි පක්ෂය ඔහුට සහාය ලබා දීමට ගත් තීන්දුව අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ කෝපයට ලක් වූ අතර ඔවුහු ඊට එරෙහිව විරෝධතාවක නිරත වූහ

ශ්‍රී ලංකා රජයේ හමුදා සහ එල්ටීටීඊ සංවිධානය අතර පැවති යුද්ධය අවසන් වී දස වසරක් ගතව ඇතත් එවක අතුරුදහන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් මෙතෙක් සාධාරණයක් ඉටු වී නොමැති බවට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ මැසිවිලි නගති.

යුද්ධයේ අවසාන අදියරයේ සිදු වූ බව පැවසෙන යුද අපරාධ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු නොකිරීම තවත් එක චෝදනාවකි

ඉහත කී මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක සජිත් ප්‍රේමදාස මේ දක්වා ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් සිදු කර නොමැත.

ඉලංගයි තමිල් අරුස කච්චි පක්ෂය ඔහුට සහාය ලබා දීමට ගත් තීන්දුව අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ කෝපයට ලක් වූ අතර ඔවුහු ඊට එරෙහිව විරෝධතාවක නිරත වූහ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මානව හිමිකම් උල්ලංඝන පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් විදෙස් මාධ්‍යවේදීන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ "ඔබ සෑම විටම අහන්නේ අතීතය ගැනයි. අනාගතය ගැන අහන්නේ නැත්තේ ඇයි. මම උත්සහ කරන්නේ අනාගත ශ්‍රී ලංකාවේ ජනාධිපති වීමටයි," යනුවෙනි.

"අතීතයේ සිදු වූ දේට විසඳුම් නොදී ඉදිරියට යා හැකිදැයි" එහිදී මාධ්‍යවේදියකු කළ විමසීමට ඔහුගෙන් පැහැදිලි පිළිතුරක් නොලැබිණි.

දෙමළ සිරකරුවන්:
sajith siraමේ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දෙමළ "දේශපාලන සිරකරුවන්" නිදහස් කිරීම උතුරෙන් ඉදිරිපත් වන තවත් ඉල්ලීමකි.

ශ්‍රී ලංකා ආණ්ඩුව පවසන්නේ ශ්‍රී ලංකාව තුල දේශපාලන සිරකරුවන් නොමැති බවය. "කිසිඳු චෝදනාවකින් තොරව දීර්ඝ කාලයක් රඳවාගෙන සිටින පුද්ගලයන් නිදහස් කරනු ලැබේ" යනුවෙන් සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්වෙයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය රාජිත සේනාරත්න පවසා තිබුණේ සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණය ජය ගතහොත් "පොදු සමාවක්" ලබා දී ඉහත කී සිරකරුවන් නිදහස් කරන බවය.
gota sira

මේ අතර ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන්නේ " ත්‍රස්තවාදී චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිටින සියලුම දෙනා මාස තුනක් ඇතුලත නඩු පැවරීමට හෝ නිදහස් කිරීමට කටයුතු සම්පාදනය කෙරේ" යනුවෙනි.

ඉහත කී සිරකරුවන් නිදහස් කිරීමට ගෝඨාභය රාජපක්ෂ ද එකඟ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ද විරෝධයක් නොමැති බැවින් ජනාධිපති ධුරයෙන් සමු ගැනීමට පෙර පෝය දිනක ඔවුන් නිදහස් කරන ලෙස උතුරු පළාතේ හිටපු මහ ඇමති සී.වී විග්නේස්වරන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබිණි.

මේ අතර යුද සමයේ හමුදාව යටතට ගැනුණු සිය ඉඩම් සම්පුර්ණයෙන් නිදහස් කර නොමැති බවටත් උතුරේ ජනතාව මැසිවිලි නගති.

2015 ජනාධිපතිවරණයෙන් පසු හමුදාව යටතේ පැවති එවැනි ඉඩම්වලින් කොටසක් යලි මුල් පදිංචිකරුවන් වෙත පවරා දෙනු ලැබිණි.

(බීබීසී සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්