ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් ජපානයේ ටෝකියෝ නුවරදී සිදුව තිබේ.

 


ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂො අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා දෙරටේ නායකයන් පැමිණි අවස්ථාවේ දී මෙම හමුව සිදුව ඇත.

හමුව විනාඩි දහයකට සීමාවූ බවත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම පිළිබඳව එහිදී නිල නොවන මට්ටමින් සාකච්ඡා කෙරුණු  බවත් වාර්තා වේ.

එහිදී නරේන්ද්‍ර මෝදි , රනිල් වික්‍රමසිංහ  ජනාධිපති ධුරයට පත්වීම පිළිබඳව සුබ පැතුම් පළ කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව කරන ලද  සාකච්ඡා වල වත්මන් තත්ත්වය පිළිබඳව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී විමසා තිබේ.

RW Modi 3

RW Modi 1

RW Modi 2

 


 

he LEADER Whatsapp Group එකට එකතුවෙන්න

Theleaderx2022

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්