මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අජන්ත ද සොයිසා තරඟයෙන් ඉවත්ව,

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය පළ කිරීමට තීරණය කර තිබේ.

ඔහු සජිත් ප්‍රේමදාස මුණගැසී තම සහාය ලබාදෙන බව දැනුම් දෙනු ලැබීය.

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් කරුණු පිළිබඳව ඇතිවූ විශ්වාසය මත තමන් මෙම තීරණය ගත් බවත් ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින තවත් අපේක්ෂකයින් කිහිප දෙනෙකුම තරඟයෙන් ඉවත්වී සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමට එකඟත්වය පළකර තිබේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්