1200 x 80 DMirror

(තොරතුරු දැනගැනීමේ අයිතිය ගැන ජනතාව දැනුවත් කිරීමට වෙරිටේ රිසර්ච් ගත් නැවුම් උත්සාහයක්)


2016 වසරේ බලාත්මක කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පනත ප්‍රකාරව, ශ්‍රී ලංකා රජය ආරම්භ කරන ඕනෑම ව්‍යාපෘතියක තොරතුරුවලට ප්‍රවේශවීමේ හැකියාව පවතින බව, ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙරම තහවුරු කිරීමට ඔවුන් බැදී සිටී.

ව්‍යාපෘතියේ කටයුතු දියත් කෙරෙන සමස්ත කාලසීමාව ඇතුළත ද, එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පුරවැසියන් ඉල්ලා සිටින තොරතුරු ලබාදීමටත්, විෂය භාර අමාත්‍යවරයා මෙන්ම බලධරයින් බැදී සිටී.

නමුත් කණගාටුවට මෙන්, අපගේ පර්යේෂණයෙන් අනාවරණය වූයේ ව්‍යාපෘතිවලට අදාළ තොරතුරු රජයේ ආයතන හෙළි නොකරන බවය.

අපගේ මෙම පර්යේෂණය යටතේ මහා පරිමාණ ව්‍යාපෘති 60ක් විශ්ලේෂණයට ලක් කෙරුණු අතර, එහිදී වැඩිදුරටත් අනාවරණය වූයේ මෙම ව්‍යාපෘති අරබයා රජය අනාවරණය කළ යුතුව තිබෙන තොරතුරුවලින් 82%ක්ම අන්තර්ජාලය හරහා ලබාගැනීමට නොමැති බවය.

මහජන මුදල් අවභාවිතා කිරීම සහ දූෂණය පිටුදැකීමට නම්, ව්‍යාපෘතිවලට අදාළ තොරතුරු වඩ වඩාත් අනාවරණය කිරීම, නිදහස් කිරීම ඉතාම වැදගත් වේ.

මෙම  වීඩියෝව නිර්මාණය කෙරුණේ මෙකී තොරතුරු නිදහස් කරන්නැයි වඩ වඩාත් බල කෙරෙන තැනට ජනතාව පත් කරවීමේ සහ ඔවුන්ගේම මුදල් ගැන වන මෙම තොරතුරු සම්බන්ධයෙන් ඔවුන්ගේ දැනුවත්භාවය වර්ධනය කිරීමේ අරමුණ ඇතිවය.

https://bit.ly/thorathuruKO

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය