ජනාධිපතිවරයා අරගලකරුවන් පුනරුත්ථාපනය කිරීමට යැයි කියමින්

කඳවුරු ඉදිකිරීමට ගැසට්ටුවක් නිකුත් කොට ඇති බව පවසන සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර්, ඊට එරෙහිව අධිකරණයට පෙත්සමක් ගොනුකර ඇත.


අධිකරණය හමුවේ එම පෙත්සම ගොනුකිරීමෙන් පසු මාධ්‍යවෙත අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ පැවසිය.

''මේ ජනාධිපතිවරයා ජනතාවගේ ප්‍රශ්න, ජනතාවගේ පීඩාවන්ට  විසඳුම් ලබා දෙන්නැතුව දිගින් දිගටම මර්ධනය ක්‍රියාත්මක කරමින් අධි ආරක්ෂිත කලාප දාලා  ඉන් ඔබ්බට ගිහිල්ලා එයා දැන් ගැසට් එකක් නිකුත් කරලා තියෙනවා, නොමඟ ගිය අරගලකරුවන් පුනුරුත්ථාපනය උදෙසා කියලා..

එතකොට මේ අරගලය කරේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන, එහෙම නැත්නම් මේ යුද අපරාධ තියෙන අය නෙමෙයි, කඳවුරුවලට දාලා මෙහෙම කරන්න.



''මේ අරඅදින්නේ හමුදා කඳවුරු දමමින් ජනතාව බිය වද්දලා පාලනය කරන්න. මේක පැහැදිලිවම ප්‍රජාතන්ත්‍රවාදය අමුඅමුවේ උල්ලංඝනය කිරීමක්. ඒ වගේම කතා කිරීමේ නිදහස, පුරවැසි නිදහස විනාශ කරන වැඩක්..''



එතකොට මේ ජනමතයක් නැතුව පාර්ලිමේන්තුවේ 134 දෙනෙකුගේ බලයෙන් පත්වෙච්ච පුද්ගලයකුට ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය, කතා කිරීමේ නිදහස,  ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරන්න දෙන්න බැ. ඒ නිසා අපිට යන්න තියෙන හොඳම තැන තමයි අධිකරණය. අපි අධිකරණයට ආවා. මේ ගැසට් එක සම්පූර්ණයෙන්ම අවලංගු කරන්න කියලා.

මොකද මේ හරහා පුරවැසි නිදහස සම්පූර්ණයෙන්ම අහෝසි වන නිසා. මේකෙ ඓතිහාසික කාරණාව කියලා කියන්නේ ජපානයට යන්න කලින් තමයි මේ ගැසට් එක ගහන්නේ. අධිආරක්ෂිත කලාප ගැසට් එක.

ජපන් ජනතාව මුහුණ දුන්න සංවේදී අත්දැකීම අවුරුදු අසූවක් පමණ වන ජපාන වැඩිහිටියෙක් සිටියා නම් ඔහු ළමා කාලයේ දී මේ කඳවුරු ඇතුලේ ඉඳලා තියෙනවා. එතකොට එවැනි මානසිකත්වයකින් ඉන්න අය ගාවට තමයි මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න යන්නේ මෙවැනි ගැසට්ටුවක් ගහලා. ඔවුන්ට සංවේදී කාරණා. ඒ නිසා මේ පිළිබඳව අපි  දිගින් දිගටම සටන් කරන්න ලෑස්ති වෙනවා.''

 {gallery}Rehabilitation Gazette{/gallery}  

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්