ළමා පරපුරට කොන්ද කෙලින් තබාගෙන වැඩකිරීමට අවශ්‍ය මානසික ශක්තියක් ලබාදීමට
වැඩිහිටි පරම්පරාව කටයුතු කලයුතු බවට මංගල සමරවීර සිදුකළ ප්‍රකාශයක් සහිත වීඩියෝවක් අද (01) දිනයේ සමාජ මාධ්‍ය තුළ වයිරල් වෙමින් තිබේ.
''මම කැමති නෑ මේ දරුවන් දේශපාලකයන්ට වදිනවාට, දරුවන් කියන්නේ මේ රටේ අනාගතය. එයාලා කොන්ද කෙලින් තියන් ජීවත් වෙන්න ඕන, ඒ නිසා ආයි කවදාවත් දේශපාලකයන්ට වදින්න එපා..'' මංගල සමරවීරයන් මාතර ශාන්ත තෝමස් බාලිකාවේදී ප්‍රකාශකර තිබිණ.
ළමා සහ ලෝක වැඩිහිටි දිනය අදට යෙදී ඇත.
මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ “සිනහ දකින අපේ ලොවක්” යන්නයි.
ලෝක ළමා දිනය වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වැඩ සටහන් ගණනාවක් ක්‍රියාත්මක කළ ද, ශ්‍රී ලාංකික ළමුන් කෙරෙහි බලපා තිබෙන සුවිශේෂී කරුණු පිළිබඳව එම වැඩ සටහන්වලදී අවධානය යොමු කර ඇති බවට තහවුරු නොවන්නේ යැයි විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.
විශේෂයෙන් ම පාසල් දරුවන් විශාල පිරිසක් නිරාහාරව සිටීමට සිදුවීම, ළමා මන්දපෝෂණය ඛේදවාචකයක් දක්වා ඉහල ගොස් තිබීම සහ ත්‍රිපෝෂ වැනි ළමා අතිරේක ආහාර ද්‍රව්‍යවල විෂ රාසායන ද්‍රව්‍ය අඩංගුව තිබීම ආදී බරපතළ ගැටළු කෙරෙහි ආණ්ඩුවේ කිසිදු වගකිය යුතු අවධානයක් යොමු කර නොමැත.
පෞද්ගලික අංශය තම වාණිජ අරමුණු මුල් කර ගත් වැඩ සටහන් මගින් ළමා දිනය සමරන අතර පොදු සමාජයේද ළමුන් කෙරෙහි මේ වනවිට බලපා තිබෙන ඛේදනීය තත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කර නොමැති පසුබිමක ලෝක මෙවර ලෝක ළමා දින සැමරුම පැවැත්වේ.
මේ එවන් අවධානය යොමුවිය යුතුම කාරණයක් පිළිබඳව 'රැඩිකල් සෙන්ටර්' විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති වීඩියෝවකි
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න