සෑම දිනකම පියයුරු පිළිකා රෝගීන් 12 දෙනෙකු මෙරටින් වාර්තා වන බව, ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.

 

එහි විශේෂඥ වෛද්‍ය, හසරැලි ප්‍රනාන්දු සඳහන් කළේ, පසුගිය දශක දෙකක කාලය තුළ මෙරට පියයුරු පිළිකා රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවත් අවදානම් සාධක පාලනය කරගනිමින් පියයුරු පිළිකාවේ අවදානම අඩුකර ගැනීමට නම් රෝගය කලින්ම හඳුනා ගැනීම ඉතා වැදගත් බවත් ය.

“කාන්තාවන් දැනගත යුතු කරුණ වන්නේ කලින් හඳුනාගතහොත් පියයුරු පිළිකාවේ අවදානම අඩුකර ගත හැකිවනවා මෙන්ම සම්පූර්ණයෙන්ම පිළිකාවෙන් සුව විය හැකියි. නමුත් අපේ රටේ කල්තියා මෙය හඳුනාගැනීමක් සිදු වන්නේ නැහැ. විදේශ රටවලට සමගාමීව අපේ හඳුනා ගැනීම 50%යි. ලංකාව පුරාම ඇති රෝහල් සායන, සුවනාරි සායන වැනි ස්ථානවලින් මෙන්ම දැනට ආරම්භ කර ඇති පියයුරු සායන හරහා හෝ මේ පරීක්ෂා කරවා ගත හැකියි. කෙනෙක් වයසට ගිය පසු ඉදිරිපත් වීම අඩු යි.

ඒ නිසා මේ වයස් කාලයේදී පිළිකාව අවදානම් තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාව වැඩියි. සමහර අය පියයුරෙන් ලේ පැල්ලමක් එන අවස්ථාවේ තමයි බය වෙලා පෙන්නන්න යන්නේ. නමුත් ඒ වන විට පිළිකාව භයානක තත්ත්වයකට පත්විය හැකියි. මේ නිසා අවුරුදු 20 න් ඉහළ වයස් සිමාවේ අය මසකට වතාවක් හෝ පියයුරු පරීක්ෂාව සිදුකළ යුතුයි. මාස් ශුද්ධිය අවසන් වූ පසුයි පියයුරු පරික්ෂාව සිදු කළ යුතුය. අප යම් කාලයක සිට පුරුද්දට මෙන් මේ පරික්ෂාව සිදු කරනවා නම් පිළිකාව පහසුවෙන් හඳුනාගත හැකියි. විදේශයන්වල Screening Test හරහා පියයුරු පරීක්ෂාවන් සිදු කරනවා. නමුත් අපේ රටේ එවැනි පහසුකම් අඩුයි.“

මේ වන විට පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථාන ස්ථාන 4 ක පිහිටුවා ඇත. නාරහේන්පිට, යාපනය, රත්නපුර හා මාතර පිහිටුවා ඇති කලින්ම පිළිකා රෝගය හඳුනා ගැනීමේ මේ මධ්‍යස්ථාන හරහා අවශ්‍ය පරීක්ෂාවන් සිදු කරගත හැකි බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.

 

දැනුවත්වීම වැදගත්

 

පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ඊයේ (01) දිනයෙන් ආරම්භ විය.

එය පාදක කරගනිමින් ප්‍රාදේශීය මට්ටමින් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමටත් හඳුනාගන්නා රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමටත් පියවර ගැනෙනු ඇත.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

Theleaderx2022

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්