මහරගම අපේක්ෂා රෝහල හැරුණු විට දිවයිනේ ඇති එකම පිළිකා ළමා වාට්ටුව පිහිටා ඇති කරාපිටිය ශික්ෂණ රෝහලේ එම වාට්ටුව වසා දමා ඇත. ඒ

වසර එකහමාරක පමණ කාලයක සිටයි.

කිමෝ තෙරපි සහ රේඩියෝ තෙරපි ප්‍රතිකාර පහසුකම්වලින් සමන්විත අදාළ වාට්ටුවේ රෝගී දරුවන් දස දෙනෙකුට අංග සම්පූර්ණ නේවාසික පහසුකම් පවති.

විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක්, පුහුණු හෙද කාර්ය මණ්ඩලයක් සහ කණිෂ්ඨ සේවකයින් දෙදෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් මෙම ළමා පිළිකා වාට්ටුවට අනුයුක්තව සේවය කළේය.

අදාළ වාට්ටුවෙන් ඇල්ල, වැල්ලවාය, බදුල්ල, මොණරාගල, අම්පාර, කතරගම ආදී ප්‍රදේශවල දරුවන් එවක ප්‍රතිකාර ලබාගත් අතර, පසුගිය වසරේ ජුනි මාසයේ වාට්ටුව සම්පූර්ණයෙන්ම වසා දමන අවස්ථාවේදී එහි ප්‍රතිකාර සඳහා ලියාපදිංචි වී සිටි දරුවන් සංඛ්‍යාව 250 කි.

වාට්ටුව වසා දැමීමත් සමඟ එම දරුවන් මේ වනවිට ප්‍රතිකාර සඳහා මහරගම අපේක්ෂා රෝහල වෙත යොමුව තිබේ.

මේ සම්බන්ධයෙන් 'හිරු නිව්ස්' කළ විමසීමකදී කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ එස්.ඩී.යූ.එම්. රංග කියාසිටියේ දිවයිනටම පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සිටින්නේ සීමිත පිරිසක් බවයි.

ඔවුන් මහරගම අපේක්ෂා රෝහලේ සේවයේ නිරතව සිටින බැවින් කරාපිටිය රෝහලේ ළමා පිළිකා වාට්ටුවට වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බව ඔහු සඳහන් කළේය.

(hirunews.lk)


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

Theleaderx2022

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්