ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා රාජගුරු මණ්ඩලයේ සභාපති හා කුරුණෑගල කතෝලික රදගුරු පදවියේ රදගුරු අතිඋතුම් ආචාර්ය හැරල්ඩ්

ඇන්තනී පෙරේරා රාජගුරු ප්‍රසාදීන් වහන්සේ අතර හමුවක් ඊයේ (02) පස්වරුවේ සිදු විය.

කුරුණෑගල කතෝලික රදගුරු නිවස වෙත පැමිණි ජනාධිපතිවරයා රදගුරුතුමන් බැහැදැක සුවදුක් විමසීමෙන් අනතුරුව කතෝලික ආගමික කටයුතු පිළිබඳව ද සාකච්ඡා කළේය.

එම සාකච්ඡාව පස්වරු පැයකට වැඩි කාලයක් පැවති අතර කුරුණෑගල කතෝලික රදගුරු පදවියේ අනුනායක පියල් ජානක ප්‍රනාන්දු පියතුමන්, කුරුණෑගල කතෝලික රදගුරු පදවියේ භාණ්ඩාගාරික සාගර ප්‍රිශාන්ත පියතුමන් ද හිටපු අමාත්‍ය රවී කරුණානායක ද මීට සහභාගී වූහ.

309381372 468653265294299 8104675227476055714 n309266483 468652695294356 1678008923088371975 n

ජනපති උමංදාවේ- ආර්ථිකය හා කෘෂිකර්මය ගැන සාකච්චා

122

කුරුණෑගල කතෝලික රදගුරු නිවස වෙත යාමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ, දහවල් උමන්දාව බෞද්ධ විශ්ව ගම්මානය හා එම වැඩපිලිවෙල දැක බලා ගැනීම සඳහා ද එක්විය.

එහිදී ජනාධිපතිවරයා රටේ පවතින ආර්ථික අර්බුදයට කෘෂිකාර්මික අපනයන ආශ්‍රිත කර්මාන්ත නගා සිටුවීම පිළිබඳව සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 

උමන්දාව විශ්ව ගම්මානය සංකල්පය ට අනුව ජාත්‍යන්තර කෘෂි විද්‍යාලයක් පිහිටුවීමටත් උමන්දාව වැනි ගම්මාන දෙකක් දිවයිනේ උතුරේ සහ දකුණේ පිහිටුවීමටත් මෙහි දී සිරි සමන්තබද්‍ර හිමි සමඟ සාකච්ඡා කර තිබේ.

 

රටේ පවතින ආර්ථික අර්බුදයට කෘෂිකාර්මික හා අපනයන ආශිත කර්මාන්ත නගා සිටුවිමේ පිලිබදවද මෙහිදි සාකච්ඡා කර ඇත.

ජනාධිපතිවරයා ඊයේ දිනයේ සිදුකල මෙම සංචාරයන් දෙකම සංවිධානය කර තිබුනේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක විසිනි.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්