එළඹෙන ජනාධිපතිවරණයේදී "පොහොට්ටුව" පරාජය කළ යුතු බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කර නොමැති බැවින් ඡන්දය භාවිත කිරීමේදී නිවැරදි තීන්දුවක් ගන්නා ලෙස ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටී.

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම එසේ ඉල්ලා සිටියේ කොළඹ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානයේ සමුළුව අමතමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය දැරූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරණයට තරග නොකරන අතර එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙත සහය ලබා දෙති.

ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර සහ ගෝඨාභය රාජපක්ෂ අතර ගිවිසුමක් අත්සන් කෙරිණි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ කුමාර වෙල්ගම ඇතුළු ශ්‍රීලනිපයේ කණ්ඩායමක් 'අපි ශ්‍රී ලංකා' නමින් පෙළ ගැසුනේ මෙවන් පසුබිමකදීය.

ඉහත කී ජන හමුව ඇමතූ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ජනාධිපතිවරණයෙන් "පොහොට්ටුව" පරාජය කළ යුතු බව කියා සිටි නමුත් කිසිවකුටත් සහාය දෙන බවක් ප්‍රකාශ නොකළේය.test65

"අපේ පක්ෂය ආරක්ෂා කළ යුතු නම් හොඳ බුද්ධිමත් තීන්දුවක් ගත යුතුයි. තමුන්නාන්සේලා කවුරුත් දන්නවා කරන්න ඕන දේ."

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් "රාජපක්ෂවරයෙක්" ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට නිතැතින් පත්වනු ඇති බව කුමාර වෙල්ගම පැවසීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට පත් වීමෙන් පසු සම්මත කර ගත් අතුරු ව්‍යවස්ථාවට අනුව වෙනත් පක්ෂයක සාමාජිකයකු නොවන යම් කිසි අපේක්ෂකයෙක් ඒකාබද්ධව ජනාධිපතිවරණයට තරග කර ජයග්‍රහණය කළහොත් එම පුද්ගලයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට පත් විය හැකි බව ඔහු සඳහන් කළේය.

මේ අතර ඉහත කී ජන හමුවට සහභාගි වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව එම පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර පවසා තිබිණි.

ඔහු විසින් චන්ද්‍රිකාගේ සංවිධානය හඳුන්වනු ලැබුවේ "එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුවක්" ලෙසය.
මංගල සමරවීර, රාජිත සේනාරත්න, මනෝ ගනේෂන් ඇතුළු ආණ්ඩුවේ අමාත්‍යවරු පිරිසක් එම හමුවට සහභාගී වුවත් "හොඳ ශ්‍රී ලංකා කාරයෙක්" වන තමන් කිසිදා "දකුණට" නොයන බව කුමාර් වෙල්ගම එහිදී පැවසීය.

welgama cbk 1000px

මහින්දට බරපතල විවේචනයක් !

ඉහත කී හමුව අමතූ ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැඩි විවේචනයට ලක් කළේය.

එමෙන්ම ඔහුගේ පාලන කාලය තුල රාජ්‍ය යාන්ත්‍රනය දුෂිත වූ බවට ඇය චෝදනා කරයි.

තමන්ගේ ද සහය ඇතිව බලයට පත් වූ වත්මන් ආණ්ඩුවට ද දුෂණ චෝදනා එල්ල වන බව කී හිටපු ජනාධිපතිනිය නමුත් පසුගිය කාලයේ සිදු වූ බව පැවසෙන දුෂණ අක්‍රමිකතා පිළිබඳ කිසිවකුත් හඬ නොනගන බව පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉවත් වී තාවකාලිකව වෙනත් අයකු පත් කිරීම නීති විරෝධී බවත් ඇය කියා සිටියේය.

යූජීඩී ආරියතිලක, අතාවුද සෙනවිරත්න, මිල්රෝයි සෙනවිරත්න, හීන්මහත්තයා ලියනගේ, වික්ටර් ඇන්තනී ඇතුළු හිටපු අමාත්‍යවරු පිරිසක් සමුළුවට එක්ව සිටියහ. 

(බීබීසී සිංහල සේවය)

api 1 960

api 2 960px

api 3 960px

api 4 960px

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්