සමාගමකට බදු සහන ලබාදීම සඳහා ඉදිරිපත් කෙරුණු  ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ නියමයට

ආයෝජන මණ්ඩලය නිසි විශ්ලේෂණයක් නොදීම හේතුවෙන්  රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අනුමැතිය අද (3) ලබා නොදුන්නේය.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී හෙට (4) විවාදයට ගැනීමට නියමිතව තිබිණ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (04) රජයේ මුදල් පිළිබද කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගන්නා ලදී.

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පනවන ලද 2022 අගෝස්තු 03 දිනැති අංක 2291/25 දරන මෙම ගැසට් පත්‍රයේ සදහන් මෙම නියමය පසුගිය සැප්තැම්බර් 20 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.



මෙරට ආයෝජනය සිදුකරන සමාගමකට වසර 12ක සියයට සීයක (100%) බදු සහනයක් හා ඉන්පසු තවත් වසර  5කට සියයට 50ක (50%) බදු සහනයක් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ මෙම නියමය හරහා මෙරට ආර්ථිකයට හිමිවන ප්‍රතිලාභ සම්බන්ධයෙන් කාරක සභා සභාපතිවරයා ආයෝජන මණ්ඩලයෙන් විමසා සිටියේය.



එහිදී  ඊට අදාළව ප්‍රමාණවත් තොරතුරු ලබා දීමට ආයෝජන මණ්ඩලය අපොහොසත් වීම හේතුවෙන් සිය බලවත් අප්‍රසාදය පළකළ කමිටු සභාපතිවරයා ඒ අනුව මේ මොහොතේ ඊට අනුමතිය ලබා දිය නොහැකි බවත් පැවසීය.

මෙම බදු සහනය සම්බන්ධයෙන් හෝ මෙම සමාගම් සම්බන්ධයෙන් තමන් ඇතුළු කාරක සභාවට කිසිදු ගැටලුවක් නොමැති බව පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, මෙවැනි තීරණ ගන්නා විට එහි ආර්ථික බලපෑම පිළිබද දත්ත තොරතුරු ඇතුළත් විධිමත් විශ්ලේෂණයක් කාරක සභාව වෙත ඉදිරිපත් කළ යුතු බවත් පෙන්වා දුන්නේය.


''මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුයි ''



රටක ආර්ථික ප්‍රගමනය සඳහා පවතින ප්‍රධානතම ආයතනයක් වන ආයෝජන මණ්ඩලය මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බවද කාරක සභාව මෙහිදී පැවසීය.


මේ අනුව හෙට පෙ.ව 9.00 පමණ වන විට සියලු දත්ත සහ විශ්ලේෂණයන් සහිතව කමිටුව හමුවට පැමිණෙන ලෙස ආයෝජන මණ්ඩලයට දැන්වූ කාරක සභා සභාපතිවරයා එහිදී අදාළ තොරතුරු ඉදිරිපත් කිරීමට නොහැකිනම් අදාළ ගැසට් පත්‍රයට අනුමතිය ලබා දීමට හැකියාවක් නොමැති බවද පැවසීය.



මේ අතර හෙට පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත 1989 අංක 13 නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ අංක 2290/19  දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ නියමයට සහ  1969 අංක 1 දරන  ආනයන හා අපනයන පාලන පනත යටතේ අංක 2294/29 සහ 2294/30 ගැසට් පත්‍රවල සදහන් නියමයන්ට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන සුරේන් රාඝවන්, සීතා අරඹේපොළ, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන දුමින්ද දිසානායක, චන්දිම වීරක්කොඩි, මයන්ත දිසානායක, මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර ද මුදල් අමාත්යාංශයේ නිලධාරීහු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්