වසර 200ක් තිස්සේ ඉඩම් හා නිවාස අයිතිය අහිමි කරන ලද දෙමළ වතු කම්කරුවන්ගේ අයිතීන්

තහවුරු කරන ලෙස රජයට බලකරමින් අද කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීය.

මහනුවර සමාජ සංවර්ධන ආයතනය විසින් 'ලෝක ජනාවාස දිනය' නිමිත්තෙන් එම විරෝධතාවය සංවිධානය කර තිබිණ.

0021

00210

ලෝක ජනාවාස දිනය අදට(03) යෙදී තිබේ.  සෑම වසරකම ඔක්තෝබර් මස පළමු සඳුදා ලෝක ජනාවාස දිනය ලෙසින් ප්‍රකාශයට පත් කළේ 1986 වසරේ සිටයි.

''වෙනසක් නොකරමු – කිසිවෙක් කිසිතැනක අත්නොහරිමු''  යන්න මෙවර එහි තේමාවයි.

ලෝක ජනාවාස දිනයේ ප්‍රධාන උත්සවය අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද පැවැත්විණ.

මේ අතර, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජිව් සූරියාරච්චි පැවසුවේ, පැවැති කොවිඩ් අර්බුදය හා මෙරට වත්මන් වාතාවරණය හමුවේ පසුගිය කාලය තුළ මෙරට නිවාස සම්බන්ධයෙන් නිසි සංගණනයක් කිරීමට නොහැකි වූ බවයි. 

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්