පරිසර විනාශයකට එරෙහිව විරෝධතා දැක්වීම නිසා අත්අඩංගුවට ගත්  සමාජ ක්‍රියාධරයන්

දෙදෙනකු වහාම නිදහස් නොකරන්නේ නම් එම ප්‍රදේශය අරගල භුමියක් බවට පත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් තරුණ සංවිධානයක් අනතුරු අගවා තිබේ.

" ඒ නිසා අත්අඩංගුවට ගත්ත ඒ පිරිස වහාම නිදහස් කළ යුතුයි. නිදොස් කොට නිදහස් කළ යුතුයි කියන පනිවිඩය දෙනවා. එහෙම නැත්නම් ඒ භුමියත් නැවත අරගල භුමියක් වෙන එක නවත්තන්න බැරි වෙයි කියන පනිවිඩය අදාල බලධාරීන්ට අපි දැඩිව කියා සිටිනවා. "

'වෙනසකට තාරුණ්‍යය' සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර ඔක්තෝබර් 3 වැනිදා එම අනතුරු ඇගවීම සිදුකළේ කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමිනි.



ලහිරු වීරසේකර පෙන්වා දෙන පරිදි උඩවලව සංඛපාල ගල්බොක්කයාය ජල පෝෂක රක්‍ෂිත කදුවැටියේ කොටසක් හම්බන්තොට කර්මාන්ත ශාලාවට සිමෙන්ති නිශ්පාදනය කිරීම සදහා කැල්සියම් සිලිකේට් ඛනිජ පාෂාණ කැනීම සඳහා ලංවා සමාගම දැරු උත්සාහය ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය හමුවේ තාවකාලිකව නතර කර ගැනීමට හැකිව තිබේ.



එහෙත් පසුගිය දිනෙක භූ විද්‍යා සහ පතල් කාර්යාංශයේ නිලධාරීන් සමග පැමිණි ලංවා ආයතනයේ නිලධාරීන් අදාල ස්ථානයේ සාම්පල් (නියැදි) රැගෙනයාමට උත්සාහ දැරීමේදී ගම්වැසින් විරෝධතා දක්වා ඇති අතර එහිදි රාජකාරියට බාධා කිරීමේ චෝදනා යටතේ ගම් වාසින් දෙදෙනකු ඔක්තෝබර් 2 දා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

"ගල්බොක්කයාය කඳු වැටිය සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ ක්‍රියාකාරීන්ව හිටපු නිමල් සහෝදරයාත් පියතිලක සහෝදරයාත් පොලීසිය අත්අඩංගුවට අරගෙන දැන් මේ වෙද්දි පොලිස් අත්අඩංගුවේ ඉන්නේ."

ගල්බොක්කයාය කඳු වැටිය සුරැකීමේ ජනතා ව්‍යාපාරය එම ප්‍රදේශයේ ජනතාවගේ පමණක් සංවිධානයක් නොවන බව අවධාරණය කරන ලහිරු විරසේකර පවසන්නේ පරිසර විනාශයට අත තැබීමට ආණ්ඩුව සුදානම් වන්නේනම් එයට එරෙහිව රටේ ජනතාව නැගී සිටිනු ඇති බවයි.

" දැන් අරගලය විසින් කරපු හොද දේ තමයි මුළු රටක් එකවර අවදි කරන්න පුළුවන් තත්වයක් නිර්මාණය කරපු එක  "

ජෛව විවිධත්වයකින් යුතු පරිසර කලාපයක් වූ උඩවලව සංඛපාල ගල්බොක්කයාය කඳු වැටිය මුහුණ පා සිටින අනතුර පිළිබදව 'වෙනසකට තාරුණ්‍යය' සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර කරන පැහැදිලි කිරීම පහත විඩියෝවෙන් නරඹන්න
 

 

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්