ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු කම්පාවට පත්කොට තිබෙන ජනප්‍රිය නළු දර්ශන් ධර්මරාජ්ගේ හදිසි අභාවය, හෘදයාබාධ කොපමණ භයානකදැයි සාක්ෂි සපයයි. අභාවප්‍රාප්ත වන විට ඔහු 41 වැනි වියේ පසුවිය.

දර්ශන් පමණක් නොව තවත් තරුණ, වැඩිහිටි බොහෝ දෙනෙක් ඔවුන්ටත් නොදැනීම මෙම අවදානමට මුහුණ පා සිටින බව මේවන විට අනාවරණය වෙමින් තිබේ.

ශ්‍රී ලාංකික පර්යේෂකයින් පිරිසක් කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ, ශ්‍රී ලාංකික වැඩිහිටියන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට පමණ අධි රුධිර පීඩනය ඇති බවයි. ඉන් අඩක් තවමත් එය නොදැනිම විමතිය දනවන කරුණක් බව ද පර්යේෂකයින් පෙන්වා දෙයි.


අධ්‍යයනයෙන් හෙළිදරව් වුයේ කුමක්ද?


වැඩිහිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුගෙන් එක් අයෙකුට අධි රුධිර පීඩනය ඇති අතර අධි රුධිර පීඩන ප්‍රතිකාර අවශ්‍ය බව අධ්‍යයනයෙන් හෙළි වී තිබේ.

ශ්‍රී ලංකා සෞඛ්‍ය හා වයස්ගත අධ්‍යයන එකමුතුව (SLHAS) විසින් අධි රුධිර පීඩනය සම්බන්ධ සාම්ප්‍රදායික නිර්වචනය භාවිතා කරමින් සිදු කරන ලද අධ්‍යයනයෙන් හෙළි වී ඇත්තේ ශ්‍රී ලාංකික වැඩිහිටියන් තුළ ඇස්තමේන්තුගත අධි රුධිර පීඩනය 28.2 % ක් බවයි.

එහෙත් 2017 දී ඇමරිකානු හෘද රෝග විද්‍යාලය/ඇමරිකානු හෘද සංගමය (American College of Cardiology/American Heart Association (ACC/AHA) විසින් අධි රුධිර පීඩනය සම්බන්ධ නව සංශෝධිත නිර්වචනය යොදා ගනිමින් කළ ගණනය කිරීම් මඟින් මෙය 51.3 % බවට දක්වා තිබේ.

ඒ අනුව එය පෙර පැවතී තත්ත්වය හා සැළකීමේදී දෙගුණයකින් පමණ වැඩි වී තිබේ.


1651685 1
කෙසේ වෙතත් පැරණි සහ 2017 නව නිර්වචනවලට අනුව අධි රුධිර පීඩනය යන ඝනයට වර්ගීකරණය කරන ලද අයගෙන් පිළිවෙලින් 53.4 % සහ 31.2 % ක් කලින් රෝග විනිශ්චය කර ඇති බව ලෝක හෘද සම්මේලනය විසින් ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයේ සාරාංශයේ දැක්වේ.

නව නිර්වචනය අනුව අධි රුධිර පීඩනය ලෙස නැවත වර්ගීකරණය කරන ලද වැඩිහිටියන්ගෙන් 23.2 % න් 16.6 % කට හෘද වාහිනී රෝග (CVD) හෝ දියවැඩියා ඉතිහාසයක් ඇත.

 වැඩි ව්‍යාප්තිය නාගරික පදිංචිය, සමාජ ආර්ථික තත්ත්වය, තරබාරුකම සහ මුස්ලිම් වාර්ගිකත්වය සමඟ සම්බන්ධ විය.

වයස සමඟ ව්‍යාප්තිය වැඩි වූ නමුත් වයස අවුරුදු 30 ට වැඩි කාන්තාවන් තුළ මෙම තත්ත්වය සුළබ විය.

අධ්‍යයනයේ කතුවරුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ සමහර කණ්ඩායම්වල අධි රුධිර පීඩනය ඇතිවීමේ ප්‍රවණතාව ඉතා ඉහළ මට්ටමක පවතින බවයි.

"මෙම ප්‍රතිශතය සමහර කණ්ඩායම්වල සුවිශේෂී ලෙස ඉහළ මට්ටමක පවතින අතර එය ඔබ කවුරුන්ද සහ ඔබ ජීවත් වන ස්ථානය මත රඳා පවතී," පර්යේෂකයින් පැවසුවේය.

සාපේක්ෂ ඉහළ ලුණු පරිභෝජනය සහ තරබාරුකම වෙනත් හේතු අතර විය හැකි බවද පර්යේෂකයෝ පෙන්වා දෙයි.

තරබාරුකමේ ඉහළ අනුපාත බොහොමයක් නාගරික ප්‍රදේශවල සහ මුස්ලිම් ප්‍රජාව තුළ වාර්තා වී ඇති අතර, එය මුස්ලිම්වරුන් අතර ඉහළ ශරීර ස්කන්ධ දර්ශකයක් (BMI) තිබීමේ ප්‍රවණතාවක් නිසා විය හැකි බව පර්යේෂණයේ කතුවරයෙකු වන වෛද්‍ය රවින්ද්‍ර පී රන්නන්-එළිය පැවසීය.

BBC Image 04
පිරිමින්ට වඩා වයස අවුරුදු 60 සහ ඊට වැඩි කාන්තාවන් වැඩි ප්‍රමාණයක් අධි රුධිර පීඩනය වාර්තා කරයි



පිරිමින් සහ කාන්තාවන් සමාන මට්ටමේ අධි රුධිර පීඩනය වාර්තා කර ඇත, නමුත් ඔවුන්ගේ වයස අවුරුදු 30 ගණන්වල සිට කාන්තාවන්ගේ රෝග අවධානම වැඩි වි තිබේ.

පිරිමින්ට වඩා වයස අවුරුදු 60 සහ ඊට වැඩි කාන්තාවන් වැඩි ප්‍රමාණයක් අධි රුධිර පීඩනය වාර්තා කරයි - මෙය හෝමෝන වෙනස්කම් සහ ආර්තවහරණයට හේතු වන සාධකයකි.

කලාපීය වශයෙන්, කොළඹ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අධික රුධිර පීඩනය වැඩිම රෝගීන් දක්නට ලැබුණු ලැබුණ බව වෛද්‍ය කණ්ඩායම අනාවරණය කළහ.

එක්සත් ජනපදය සහ කැනඩාව ලෝකයේ අඩුම රුධිර පීඩනය ඇති රටවල් බව රනන් එළිය පැවසීය, ආඝාත හා හෘදයාබාධ වැළැක්වීම සඳහා පීඩන මට්ටම් පවත්වා ගැනීමට පියවර ගත යුතුය.

ශ්‍රී ලංකාවට අධික රුධිර පීඩනයෙන් මිදිය හැකි වන්නේ නිරන්තර පරීක්‍ෂණ මඟින් සහ රෝගීන් ඔවුන්ගේ තත්ත්වයන් පිළිබඳව දැනුවත්ව පූර්වාරක්‍ෂක පියවර ගැනීමෙනි.

අදම ඔබේ රුධිර පීඩනය පරීක්ෂා කර ගන්න! එය පර්යේෂකයින්ගේ ඉල්ලීමයි.


(BBC සිංහල සේවය)


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්