1200 x 80 DMirror

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ දුරකථන සංවාද හොරෙන් ඇසූ බව පැවසෙන

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂවරයාට ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවේ බලතල සහ වරප්‍රසාද කමිටුව හමුවෙ පෙනී සිටින්නැයි දැනුම් දී තිබේ.

2021.09.24 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැර කිරීමේ හා පවිත්‍රතා කටයුතු අමාත්‍යංශය තුළ සිදුවුයේ යයි කියන මුදල් අවභාවිතාවක් පිළිබඳව සිදුකෙරෙන පරීක්ෂණයකට අදාලව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ගේ දුරකථන දත්ත හා සංවාද වලට නෛතික බලයකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සවන්දීමට අදාලව අද (04) පාර්ලිමේන්තුවේදී තීරණයක් ගෙන ඇත.

ඒ අනුව, 18 වනදා අදාල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලදාරීන් හා දුරකථන ජාල සැපයුම්කරුවන්, වරප්‍රසාද කමිටුව ඉදිරියට කැඳවීමට මෙහිදී පාර්ලිමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තුව මෙම තීරණය ගනු ලැබුවේ 2021.09.24 වන දින තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තමන්ගේ දුරකථන සංවාදයන් නිසි අවසරයකින් තොරව සවන්දීම මගින් තම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකර ඇති බවට පාඨලී චම්පික රණවක විසින් කතානායකවරයා වෙත යොමුකරන ලද ලිපියකට අදාලවය.

මන්ත්‍රි වරප්‍රසාද කඩ කිරීමේ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා පාර්ලිමේන්තුවේ බලතල සහ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන බව, එහි සභාපති ආචාර්ය විජයදාස රාජපක්ෂ සඳහන් කළේ ය.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය