ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකාව හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග විසින් ශ්‍රීලනිප නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමුකර ඇති ලිපියට ප්‍රතිචාර දැක්වීම හා

ඇයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම ජනාධිපතිවරණය අවසන් වනතෙක් කල්දැමීමට ඊයේ (05) රැස්වූ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

එසේම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ ඊයේ (05) පැවැති 'අපි ශ්‍රී ලංකා' සමුළුවට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් පක්ෂයෙන් නෙරපීම වෙනුවට ඔවුන් වෙනුවට ජනාධිපතිවරණ සමය තුළ ගෝඨාබය රාජපක්ෂට සහය දැක්වීමට වැඩ බලන සංවිධායකවරුන් පත් කිරීමට ද ශ්‍රීලනිපය මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

ශ්‍රීලනිප වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිප මූලස්ථානයේ ඊයේ රාත්‍රී පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද සහභාගි වී සිටියේය.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පක්ෂයේ අනුශාසක ධූරයෙන් ඉවත් කරන බව සහ ඇයගේ සාමාජිකත්වය අත්හිටුවන බවට ආරංචි පැතිර ගියද ඊයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් සකච්ඡා වී ඇතත් කිසිඳු තීන්දුවක් ගෙන නොමැත.

subscribeYT

කාටුන්

නවතම පුවත්