theleaderlk 01

ශ්‍රී ලංකාවට රුසියාවෙන් බොරතෙල් ආනයනට ඉඩ නොදෙන්නේ 10% කොමිස් කල්ලිය විසින් බව ශ්‍රී ලංකා රුසියා ව්‍යාපාරික සහ වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති ආචාර්ය ජගත් චන්ද්‍රවංශ පවසයි.

ආණ්ඩුව ඇමරිකාවට බියවී චීනය-රුසියා රටවල් එක්ක සම්බන්ධකම් පවත්වන්නේ අඩුවෙන් බව ද ඔහු කියා සිටියි.  එසේම, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදෙස් රටවල් සමග දේශපාලනය කිරීමට අබ මල් රේණුවක් වත් තේරෙන්නැති පුද්ගලයකු බව ද කියා සිටියි.

අවුරුදු 65 ක පමණ දීර්ඝ ඉතිහාසයක් සහිත රුසියානු - ශ්‍රී ලංකා සම්බන්ධතාවල මෙම කාලය ඉතාම නරක කාල සීමාවක් ලෙසද ඔහු සඳහන් කරයි.

ආචාර්ය ජගත් චන්ද්‍රවංශ එබව කියා සිටියේ, Chamuditha News Brief (CNB) අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි. 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

නවතම පුවත්