පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති ධූරය සඳහා මන්ත්‍රීවරයෙකු පත් කර ගැනීමට

මාර්ගගත ක්‍රමයට ඡන්දය පවත්වන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල, කථානායක මහින්ද යාපා අබේවර්ධන ගෙන් පාර්ලිමේන්තුවේදී බදාදා (05) ඉල්ලීමක් කළේය.

එම ක්‍රමය යටතේ ඡන්දය පවත්වන ලෙස ඔහු එලෙස ඉල්ලීමක් කළේ ඇතැම් මන්ත්‍රිවරුන් මේවනවිට විදෙස්ගත වීම හේතුවෙනි.

 ඒ සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල ඇතිවූයේ මෙවන් සංවාදයකි.


පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවට සාමාජිකයින් පත් කිරීම පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද දිනයේද අදහස් පළ කළේය.

 මේ, පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මෙසේ පැවසිය.
 


හර්ෂ ද සිල්වා , කබීර් හෂීම් හා ඉරාන් වික්‍රමරත්න සමගිජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජිකයින් තිදෙනා වේ.

මේ අතර රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ නව සභාපතිවරයා ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කබීර් හෂීම් බදදා නිතරඟයෙන් තේරී පත්විය.  ඒ, රජයේ ගිණුම් පිළිබඳ කාරකසභාවේ පළමු රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වූ අවස්ථාවේදීය.

එසේම මිට ඉහතදී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පත්කර ගනු ලැබිය.

කෙසේවුවද සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න කෝප් කමිටුවේ සභාපති ධුරයට පත්කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක විසින් කරනු ලැබූ ඉල්ලිමට ආණ්ඩුව පාර්ශවයෙන් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති අතර ආණ්ඩු පක්ෂය වෙනුවෙන් මහාචාර්ය රන්ජිත් බණ්ඩාර ඉදිරිපත් කිරීමට  නියමිතය.

ආණ්ඩුවේ හොරකම් වසන් කරන අයකු කෝප් කමිටුවට පත්කර ගැනීම ආණ්ඩුවේ උත්සහයවී ඇතැයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් චෝදනා කරති.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්