රටේ පවතින අර්බුදය හමුවේ කම්කරුවන් ඒකාබද්ධ වුවහොත් වතු සමාගම් හා ආණ්ඩුව පරාජය කිරීමේ හැකියාව

ඇති බවට කඳුකරයේ දේශපාලන පක්‍ෂයක් විශ්වාසය පල කර තිබේ.

''පක්‍ෂ, පාට, සමිති භේද නැතිව එකට වැඩ කළොත් අනිවාර්යෙන්ම වතු කොම්පැනි දණ ගස්සන්න පුළුවන්. මේක අපි මස්කෙලියේදී ඔප්පු කළා,'' යැයි ජාතික කම්කරු සංගමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් පවසයි.

රුපියල් දහස දක්වා වැඩි කෙරුණු දෛනික වැටුප ලබා නොදීමට එරෙහිව මස්කෙළිය වැවිලි සමාගමට අයත් තලවාකැලේ, බදුල්ල හා මස්කෙළිය වතු 14 ක කම්කරුවෝ ඒකාබද්ධව  දියත් කෙරුණු අරගලය පසුගිය ද නිමාවට පත් වුයේ ඉල්ලීම් දිනා ගැනීමෙන් අනතුරුවයි.

පතන, ලිඳුල සහ තලවාකැලේ ප්‍රදේශවල සිය පක්ෂයේ සංවිධායකවරුන් සමඟ සති අන්තයේ දී තලවාකැලේ කදිරේෂන් කෝවිලේ ශාලාවේ දී පැවති හමුවේදී දිගම්බරම් මන්ත්‍රීවරයා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවුවද මෙය රාජපක්‍ෂවරුන්ගේ ආණ්ඩුවක් බවයි.

''රාජපක්ෂ ලා හිතන පතන දෙයි දැන් සිදුවෙන්නේ. ඉක්මන් මැතිවරණයක් අපි ඉල්ලා සිටින්නේ ඒ නිසා. ඒත් ආණ්ඩුව බයයි පරදියි කියලා. පාර්ලිමේන්තු කාලේ ඉවර වෙනකම් ඉන්නයි උත්සාහ කරන්නේ. කොයි වෙලාවේ ජන්දය තිබ්බත් ජනතාව මේ ආණ්ඩුව පළවා හරිනවා සිකුරුයි.''

රුපියල් දහස දක්වා වැඩි කළ දෛනික වැටුප මෙතෙක් ලබා දී නොමැති බව පවසන ජාතික කම්කරු කොංග්‍රසයේ නායකයා පෙන්වා දෙන්නේ තවදුරටත් රැවෙටෙමින්, භේද බින්න වී සිටින වතු කම්කරුවන් එකට එක්ව තම ඉල්ලීම් දිනා ගැනීමට පෙළ ගැසිය යුතු බවයි.

''වැටුප් නොදී කම්කරුවන් මර්දනය කිරීමට එරෙහිව මස්කෙලියේ වතු වල අපි පටන් ගත්තු වර්ජනයට පක්‍ෂ, සමිති භේද නැතුව හැමෝම සහයෝගය දුන්නා.මේ වගේ කම්කරුවෝ එකතුවෙලා සටන් කළොත් ඉල්ලීම් දිනා ගන්න පුළුවන්,'' යැයි ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමාන් වර්ජනය අවසානයේදී පැවසීය.

xfhgh

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්