96 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම අයි.සී.සී ජ්‍යෙෂ්ඨ තරඟ තීරකවරයෙක් ලෙසද කටයුතු කළ රොෂාන් මහනාම

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ දිනවල ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත්ව ඇති කාන්තා සනීපාරක්ෂක තුවා (පෑඩ්) පිළිබඳව අදහස් දක්වා තිබේ.

52% වන ලංකාවේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ ඔවුන්ට වෙනස්කොට සැලකීමට එරෙහිව සමාජ මාධ්‍ය හා මාධ්‍යවලට එහාගිය ක්‍රියාන්විතයක් අවශ්‍ය බවත් සනීපාරක්ෂාව, සෞඛ්‍ය, අධ්‍යාපනය මෙන්ම රැකියා අවස්ථාවන් සඳහාද ඔවුන්ට සමානව ඉඩකඩ ලබාදීමට පෙළඹීම පුරවැසියන් ලෙස අපගේ වගකීමක් බවද ඔහු ඉස්මතු කර ඇත. 

කාන්තාවකගේ, දැරියකගේ සනීපාරක්ෂක අවශ්‍යතා සහ ඒවාට අවශ්‍ය දෑ ඔවුන්ට ලබාගැනීමට නොහැකිවීම නිසා එදිනෙදා අධ්‍යාපන කටයුතු සහ රැකියා කටයුතු සිදුකිරීමට නොහැකි කාන්තාවන් අදත් ජීවත්ව රටක ජනාධිපතිවරණයේදී කාන්තාවකගේ සනීපාරක්ෂාව මාතෘකාවකට එහාගිය යමක් බවට පත්විය යුතුව තිබුණද ඇතැමෙක් එම මාතෘකාවටද පහර ගසමින් සිටින අයුරු දක්නට ලැබෙන බව රොෂාන් මහනාම සඳහන් කර ඇත.

සමාජය තුල මෙවැනි මාතෘකා කතාකිරීමට ඇති පැකිලීම නිසාම මේවා සැඟවී ඇති ගැටළු බවට පත්ව තිබේ. නව ලොවක ජීවත්වන ජනතාව ලෙස එම පටු සීමාවන් ඉක්මවා කාන්තාවන්ගේ මෙවැනි ගැටළු විසඳීමට සමාජ මතයක් ගොඩනැගිය යුතුව ඇත. 

දියණියන් තිදෙනෙක්ගේ පියෙක් වශයෙන් තමන් ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳ තමන්ට අවබෝධයක් ඇති බවත්, ඒ නිසා සමස්ත කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටීමටද තමන් පසුබට නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත. 

mahanama large

එමෙන්ම Padman හෑෂ්ටැග් එක හරහා සමාජ ජාල තුල මතුවූ කාන්තාවන්ගේ සනීපාරක්ෂක අවශ්‍යතා පිළිබඳ කතාබහ එතැනින් නවත්වන්නේ නැතිව කාන්තාවන්ගේ එම සනීපාරක්ෂක නිෂ්පාදන අඩු මිළට සහ පහසුවෙන් ඔවුන් වෙත ලඟාවන ක්‍රමයක් බිහිකළ යුතු බවද පවසයි.

එතැනින්ද නොනැවතී සමාජයේ කොන්වී සිටින සහ අඩු සැලකීමකට භාජනය වන ආබාධ සහිත පුද්ගලයන්, ලිංගික හිංසනයන්ට ලක්වන පාර්ශවයන්, අතවරයන්ට ලක්ව ඇති දරුවන්, සංස්කෘතික හේතු මත පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් තමන් දීර්ඝ කාලයක් තිස්සේ කැපව සිටින බවත්, ඒ සඳහා පුළුල් අවධානයක් යොමුවිය යුතු මට්ටමකට ජනතාවද පෙළගැසී සිටීම සතුටට කරුණක් බවද වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස විසින් කාන්තා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදෙන බවට මැතිවරණ වේදිකාවේ සිදුකරන ලද යෝජනාවක් පදනම් කරගෙන Padman යන නාමය යොදාගෙන ඔහුට එරෙහිව සමාජ ජාලතුල අපහාසාත්මක වැකි නිර්මාණය නමුත් මේ වනවිට එම මතය වෙනත් තීරණාත්මක තැනකට වර්තනය වෙමින් ඇති බව පෙනෙන්නට තිබේ.

(News of Lanka)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්