1200 x 80 DMirror

ඉන්දියාවේ මේඩන් ෆාමකියුටිකල්ස් (Maiden Pharmaceuticals Limited) නැමති සමාගම විසින් නිෂ්පාදනය කර බෙදාහරිනු ලැබූ කැස්ස සහ උණ සඳහා ලබාදෙන

සිරප් වර්ග 04 ක් පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත.


මෙවැනි අනතුරු ඇගවීමක් සිදුකර ඇත්තේ, ගැම්බියාවේ ළමයින් 66 දෙනෙකුගේ මරණයට සහ දරුණු වකුගඩු හානි වීම් සම්බන්ධයෙන් මෙම සමාගමේ නිෂ්පාදිත සිරප් වර්ග හේතුවක් වී ඇති බවට සැකයක් මතයි.  

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්නම් ඊයේ (5) කියා සිටියේ, මේඩන් ෆාමකියුටිකල්ස් සමාගම සහ ඉන්දියාවේ ඖෂධ නියාමන අධිකාරිය සමඟ එක්ව ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි.

මෙම නිෂ්පාදන හඳුනාගෙන ඒවා බෙදා හැරීම වැලක්වීමට කටයුතු කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සියලුම රටවලට වැඩිදුරටත් නිර්දේශ කර සිටියි.

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය