නව සංශෝධනයක් මගින් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අන්තර්ජාතික ප්‍රජාව හමුවේ ප්‍රතිඥා දී තිබෙන

බැවින්, "ගලේ කෙටුව අකුරු වගේ" එවැනි ප්‍රතිඥා ක්‍රියාවට නැගිය යුතු බව හිටපු කතානායක කරු ජයසූරිය පවසයි.


එසේ නොකොට 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම පැහැර හැරියහොත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේදී මෙන්ම GSP+ තීරු බදු සහනය සම්බන්ධයෙන්ද බරපතල ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවිය හැකි බවත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා සඳහන් කළේය.


"අද උදෙත් මම අහගෙන විදේශ ඇමතිතුමා කියනවා විශේෂයෙන්ම ජිනීවා සාකච්ඡාවලදී ලංකාවට විරුද්ධව බලගතු රටවල් පේලි ගැසී ඉන්නවා කියල. ඉතින් අපිට දීපු පොරොන්දුවලින් මිදෙන්න බෑ," යනුවෙන් ද ඔහු කියා සිටියේ "Sandeshaya by Saroj" යූටියුබ් නාලිකාව සමග අදහස් දක්වමිනි.


"එහෙම කළොත් ඒක රටට හානිකරයි. රාජ්‍ය නායකයට හානිකරයි."


ඇත්තටම රනිල් කැමතිද?



ජාත්‍යන්තර ප්‍රජාවට එවැනි ප්‍රතිඥා දී තිබුණත් සෑම ජනාධිපතිවරයෙකුම බලයට පත්වීමෙන් පසු එවැනි ප්‍රතිඥා අමතක කොට තිබෙන බව මාධ්‍යවේදී සරෝජ් පතිරණ පෙන්වාදුන් අවස්ථාවේ හිටපු කතානායකවරයා පවසන්නේ, සංශෝධනය සම්මත කරගැනීම පිණිස ජනාධිපතිවරයා දිගටම උත්සහ දරමින් සිටින බවය.


"එතුමා අපිට විවිධ අවස්ථාවල පොරොන්දු දීල තියෙනව එතුමා අනිවාර්යයෙන්ම 20 වෙනි සංශෝධනය අහෝසි කරනවා කියල."


කෙසේ වුවත් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් දේශපාලන විශ්ලේෂක රසික ජයකොඩි පවසන්නේ, රනිල් වික්‍රමසිංහ යනු කිසිදින සිය බලතල අඩුකරගැනීමට කැමති පුද්ගලයෙකු නොවන බවයි. එබැවින් 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මේ මොහොතේ සිදුවෙමින් පවතින්නේ "ඉතා ම ප්‍රයෝගකාරී දේශපාලන ගේම් එකක්," බව ද රසික ජයකොඩි සඳහන් කර තිබුණි.


හිටපු කතානායක කරු ජයසූරිය සමග සංදේශය නාලිකාව පැවැත්වූ සම්පූර්ණ සාකච්ඡාව පහත වීඩියෝවේ.

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

Theleaderx2022

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්