අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ හෂාන්ත ගුණතිලක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ, දින 90 ක් රඳවා තබා ගැනීමට ලබාදී තිබූ
රැඳවුම් නියෝගය ජනාධිපතිවරයා විසින් අවලංගු කර තිබේ.

 

එසේ ජනාධිපතිවරයා විසින් රැඳවුම් නියෝග අවලංගු කර ඇත්තේ, පොලිසිය විසින් පැවැත්වූ විමර්ශන කටයුතු අවසන් වී ඇතිබවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ඉදිරිපත්කර තිබු නිර්දේශ සලකා බැලීමෙන් අනතුරුවය. 

ඔහු නිදහස් කිරීමට පෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර අනතුරුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පියාට බාර දී ඇති බවයි වාර්තා වන්නේ.

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්