රහසින් පටිගත කළ අතිශයින් පෞද්ගලික වීඩියෝවක් පෙන්වා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සුසිල් ප්‍රේම ජයන්ත ඇමති ධුරයෙන් ඉවත් කිරීමට 'බ්ලැක් මේල්'

කිරීමේ සිද්ධියක් රාජපක්ෂ පාලන සමයේ ප්‍රබල අධීක්ෂණ මන්ත්‍රීවරයකු වූ සජින්වාස් ගුණවර්ධන අද (06) අනාවරණය කළේය. ඒ අද පැවති මාධ්‍ය හමුවකදීය. 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මේවනවිට තමන්ගේ දරුවන්ට හා බිරිඳට රාජපක්ෂවරුන් ගෙන් එල්ලවී ඇති මරණ තර්ජනය හෙළිදරව් කරමින් ඊයේ (05) පෙරවරුවේ මාධ්‍ය ඉදිරියේ ‌අනාවරණය කළ හඬපටය සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රතිචාර දැක්වූ සුසිල් ප්‍රේම ජයන්ත මන්ත්‍රීවරයා, සජින්වාස් ගුණවර්ධන අධිකරණය හමුවේ බරපතල චෝදනා ලැබුවකු බව පැවසිය. 

ඔහු විසින් මාධ්‍ය හමුවේ ඉදිරිපත් කල  හඬපටය මංගල සමරවීර අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකයේ නිර්මාණයක් බව කියමින් ප්‍රේම්ජයන්ත මන්ත්‍රීවරයා සජින්වාස්ව අවඥාවට ද ලක්කළේය.  
සුසිල්ව බ්ලැක්මේල් කළ වීඩියෝව ?

ඒ අනුව සුසිල් ප්‍රේම ජයන්තගේ පැටිකිරිය අනාවරණය කිරීම සඳහා අද (06) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවූ සජින්වාස්, රාජපක්ෂ පාලන සමයේ සිදුවූ එක සිද්ධියකට අදාල රහසක් අනාවරණය කලේ මෙසේය. 

''මම කණගාටු වෙනවා ඔබතුමා වැනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය වරයෙක් මෙවැනි ප්‍රකාශයක් කරනකොට, මොකද ඔබතුමා ඔහොම කඩේ යන්න එපා. මොකද ඔබතුමා ඉතාම හොඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක්. 

ඔබතුමාට මතකද ඔබතුමා ඛණිජ තෙල් සම්පත් අමාත්‍යවරයා ලෙස ඉන්න කාලේ ඔබතුමා විශිෂ්ඨ සේවයක් කරා. නමුත් හිටපු ගමන් හිටපු ජනාධිපතිතුමා හදිසියේම ඔබතුමාව හම්බවෙන්න මාව එව්වා. ඔබතුමා පොඩ්ඩක් ඒක සිහි කැඳවීමක් කරන්න. මොකක්ද මම ඇවිල්ලා හිටපු ජනාධිපතිතුමාගෙන් ඔබතුමාට දුන්න පනිවිඩය කියලා. ඔබතුමාට කිව්වා ඉල්ලා අස්වෙන්න කියලා. එතකොට ඔබතුමා බෑ කිව්වා. ඇයි මම එහෙම අස්වෙන්න ඕනේ කියලා ඔබතුමා කතාකරා.

එවකට හිටපු ජනාධිපතිතුමා ලඟ වීඩියෝ පටියක් තිබුණා. ඒ වීඩියෝ පටියේ මොකක්ද තිබුණේ කියන එක මමත් දන්නවා, ඔබතුමාත් දන්නවා. ඔබතුමාගේ පවුලේ කෙනෙක්ගේ සම්බන්ධතාවයක් ඒ වීඩියෝ පටයට තියෙන නිසා මම මෙතන ඒක ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ. නමුත් ඒ වීඩියෝ පටය ඔබතුමාට පෙන්නුව ගමන් ඔබතුමාට කලන්තේ  දාන්නත් ගියා. ඊට පස්සේ ඔබතුමා ඉල්ලා අස්වීම දුන්නා. ඊට පස්සේ තමයි ගරු අනුර යාපා ඇමතිතුමාව ඛණිජ සම්පත් ඇමති හැටියට පත්කරලා ඔබතුමා විද්‍යා හා තාක්ෂණ ඇමතිකම් ගත්තේ. 

ඒ ඉතිහාසය අමතක කරන්න එපා ගරු ඇමතිතුමනි. මේ ඉතිහාසය තමයි රාජපක්ෂලාගේ ඉතිහාසය. එදා ඔබතුමා බය කරලා, බ්ලැක්මේල් කරලා, ඔබතුමාට ඒ වීඩියෝ පටය පෙන්නලා එදා එහෙම නම් ඔබතුමාට විරුද්ධව අල්ලස් එකට හරි මොකකට හරි යන්න තිබුණනේ. එහෙම ගියෙත් නැහැනේ. මාව පාවිච්චි කරලා ඒ වීඩි‌යෝ පටය තමුන්නාන්සේට පෙන්නලා, තමුන්නාන්සේව බයට කරලා ඒකෙන් පස්සේ තමයි තමුන්නාන්සේ අස්වෙලා අනිත් අමාත්‍යංශයට ගියේ. ඉතින් මේක තමයි රාජපක්ෂලාගේ ක්‍රමවේදය.'' සජින් වාස් වැඩිදුරටත් පැවසිය.

නීතිඥ සුසිල් ප්‍රේම ජයන්ත ඛණිජ තෙල් සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී ඔහුගේ පවුලේ සාමාජිකයින් විදෙස්හි ඛනිජ තෙල් ව්‍යාපාරිකයින් සමග ජාවාරම් කළ බවට එකල මාධ්‍ය විසින් අනාවරණය කර තිබිණ.

වීඩියෝ 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image