1200 x 80 DMirror

 හිටපු නියෝජ්‍ය අමාත්‍ය එරික් ප්‍රසන්න වීරවර්ධන ජාතික ජන බලවේගය සමග එක්ව තිබේ.

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ ලේකම් ලෙස කටයුතු කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙංකඩගල ආසන්නයේ හිටපු සංවිධායකවරයා ද වේ.

2010-2015 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත්, වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසත් 2015 පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ පුද්ගලික ලේකම්වරයා ලෙසත් කටයුතු කර  ඇති ඔහු මධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කර තිබේ.

ලාංකේය තරුණ ප්‍රජාව වෙනුවෙන් 'ස්මාර්ට් ශ්‍රී ලංකා' වැඩපිළිවෙළ හඳුන්වා දීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන ලද්දේ, එරික් ප්‍රසන්න වීරවර්ධන යි.

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ මූලික අධ්‍යාපනය හදාරන ලද ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ද්විතීය අධ්‍යාපනය හදාරා ඇත. ඉන් පසු එක්සත් රාජධානියේ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබා ගන්නා ලද අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ පාශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ගන්නා ලදි.

 
 (mawbima.lk)
 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය