1200 x 80 DMirror

විදුලි බිල වැඩිකිරීම සම්බන්ධයෙන් විරෝධය පා වප් පුර පසළොස්වක පොහෝ දිනය යෙදෙන අද (9) රාත්‍රියේ විහාරස්ථානවල විදුලි පහන් නිවා අඳුරේ

තැබීමට භික්ෂූන් වහන්සේලා ගෙන ඇති තීරණයට සහය පළ කරමින් කොළඹ අගරදගුරු පදවියේ දේවස්ථානවල ද විදුලි පහන් නිවන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් දැනුම් දී ඇතැයි සිරිල් ගාමිණී පියතුමෝ පැවසූහ.

ඒ අනුව විහාරස්ථානවල පහන් නිවා තැබෙන අද සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා මෙම දේවස්ථාන ද අඳුරේ තබන බව පියතුමෝ සඳහන් කළහ.

සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් මේ බව පැවසුවේ කොළඹ අගරදගුරු මැදුරේ දී ඊයේ (8) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

''සාමාන්‍ය ජනතාවට මෙන්ම ආගමික ස්ථානවලටත් ඉහළ ගිය විදුලි බිල පීඩාවට පත්වෙලා. '' සාමාන්‍ය ජනතාවට මෙන්ම ආගමික ස්ථානවලටත් ඉහළ ගිය විදුලි බිල හේතුවෙන් පීඩාවට පත්ව ඇති නිසා මෙම සංකේතාත්මක විරෝධතාව පවත්වන බව පියතුමෝ කීහ.


පන්සල් - පල්ලි විදුලි බිල රිවස් !


මේ අතර මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ, විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී ආගමික ස්ථානවල වැඩිවූ විදුලි ගාස්තුව පහළ දමන බවයි.

 මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවේ අගෝස්තු10 වන දින සිට බලපැවැත්වෙන පරිදි ආගමික ස්ථානවල ඒකකයක් සඳහා රුපියල් 32 ක් අය කරන බවයි.

සියලුම ආගමික ස්ථාන විදුලි ගාස්තු අයකිරීමේ ආගමික ස්ථාන යන කාණ්ඩයෙන් ඉවත්කර පොදුකාර්ය ඇතුළත් කිරීමෙන් පසුව මෙසේ විදුලි ගාස්තු සියයට 50 කින් අඩුවන බව ද ජනක රත්නායක සඳහන් කළේය.




ඒකක 180 ට වැඩි ප්‍රමාණයක් භාවිත කරන ආගමික සහ පුණ්‍ය ආයතන පොදු කාර්ය ඛාණ්ඩය යටතට පත් කරන බව ඔහු වැඩිදුරටත් සදහන් කළේ ය.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය