අරගලයට සම්බන්ධ වී සිටියදී විවිධ හේතු මත මියගිය පුද්ගලයින් සිහිකිරීමට ගාලු මුවදොරට රැස්වූ පිරිසක් පළවා හැරීමට පොලීසිය අද (09) පස්වරුවේ කටයුතු කළේය.

 

එහිදී පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විරෝධතාකරුවන් පිරිසක් අද පස්වරු 5.45ට පමණ ගාලු මුවදොරට රැස් වී සැමරුමක් ආරම්භ කිරීමට සුදානම් වූ අවස්ථාවේ පොලීසිය ඔවුන්ට ඉන් ඉවත්වන ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර ඔස්සේ දැනුම් දී තිබුණි.

කෙසේ වෙතත් විරෝධතාකරුවන් ඊට අනුගත නොවීම නිසා ඔවුන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හටගත්තේය.

අනතුරුව පිරිස පළවා හැරීම සඳහා පොලීසිය සහ කැරලි මර්දන අංශ කටයුතු කළේය.

මාර්තු මාසයේ 09 වෙනිදාන් අනතුරුව එළඹී සෑම මාසයකම 09 වෙනිදා 'ගෝල්ෆේස් අරගලයේ' තීරණාත්මක නිමේෂයන් සනිටුහන්විය.

child abuse

 +

 

  

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්