රාජ්‍ය බුද්ධි සේවය (SIS) විසින් සිදුකළ ජනමත සමීක්ෂණයකට අනුව තම තමන්ගේ අපේක්ෂකයින් ජයගෙන ඇති බවට සජිත් ප්‍රේමදාසගේ හා ගෝඨාබය රාජපක්ෂගේ

සමාජ මාධ්‍ය කණ්ඩායම් විසින් එකිනෙකා පරයමින් ගෙනයන ප්‍රචාර මුළුමනින්ම අසත්‍යවේ.

ජනාධිපතිවරයාට පමණක් වගකීමට බැඳී සිටින රාජ්‍ය බුද්ධි සේවය (SIS) විසින් ජාතික මැතිවරණවලදී පුර්ව ජනමත සමීක්ෂණ සිදුකර රාජ්‍ය නායකයා වෙත වාර්තාවක් ලබාදීමේ සම්ප්‍රදායක් පවතින නමුත් මෙවර එවැනි සමික්ෂයක් සිදුකිරීම සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතියක් ලැබී නොමැතිබිණ.

කෙසේවුවද ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේ සමාජ මාධ්‍ය කණ්ඩායම් විසින් රාජ්‍ය බුද්ධි සේවයේ හා NIB  (NIB නමින් ඒකකයක් මේවනවිට ක්‍රියාත්මක නොවේ) සමීක්ෂණ වාර්තා බව පවසමින් වාර්තා කිහිපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත. ඒවායේ හාස්‍යජනකම කරුණ වන්නේ සමස්ත ප්‍රතිපලයම දැක්වෙන ආකාරයට එම වාර්තා සකස් කර තිබීමයි.

බුද්ධි අංශ වාර්තා දෙකක් !!!!!

 chanda resal ok 600px

තැපැල් ඡන්දය ගැන කතාත් බොරු - මැකෝ කියයි 

මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසන්නේ, තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම්වලින් තම අපේක්ෂකයා ජයගෙන ඇති බවට ඇතැම් දේශපාලඥයන් හා පුද්ගලයින් අසත්‍ය ප්‍රකාශ සිදුකරන බවයි.

තැපැල් ඡන්දය ගණනය කරන්නේ නොවැම්බර් 16 දා පස්වරු 5.00න් පසුව බවත් ඔහු ප්‍රකාශ කරයි.

එවැනි තත්ත්වයක් තුළදී ඇතැම් පිරිස් තම අපෙක්ෂකයා ජයගෙන ඇති බවට පවසන ප්‍රකාශ සෙසු ඡන්ද දායකයන්ට බලපෑමක් ඇතිවිය හැකි බවත් සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 
තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම්වලින් ගෝඨාබය රාජපක්ෂ ඉදිරියෙන් ම සිටින බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ පසුගියදා මහජන රැලියකදී ද ප්‍රකාශ කළේය.

සජිත් සහ ගෝඨාබය සියයට 40 සිමාවේ !

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන දෙපාර්ශවයම තම ජයග්‍රහණයන් ගැන මෙසේ එකිනෙකා පරයමින් පුවත් නිර්මාණය කල ද විදෙස් තානාපති කාර්යාල කිහිපයක් විසින් සිදුකළ ජනමත සමීක්ෂණ වලට අනුව සජිත් ප්‍රේමදාස හා ගෝඨාබය රාජපක්ෂ අතර කරට කර සටනක් පවතී.

එවැනි බටහිර රටක තානාපති කාර්යාලයක් විසින් පසුගිය සති අන්තයේ ප්‍රකාශිත සමීක්ෂණයකට අනුව කිසිඳු අපේක්ෂකයකු සියයට 50 ආසන්නයට පැමිණ නොමැත. එම වාර්තාව අනුව ගෝඨාබයට පක්ෂව සියයට 42ක් කැමැත්ත පළකර ඇති අතර සජිත් ප්‍රේමදාසට සහය පළකර ඇත්තේ සියයට 40කි. 

කෙසේවුවද සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මාර්කට් කිරීම හා උතුරු නැගෙනහිරින් ලැබෙන සහය ඔස්සේ ඔහුට ඉදිරි දින කිහිපය තුලදී වඩාත් වාසිසහගත තත්වයක් මතුවිය හැකිබව එම සමික්ෂකයින්ගේ නිගමනය වී ඇත. 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්