මුලතිව් මුහුදේ නීති විරෝධිව මසුන් මැරීමට සහාය දක්වන රජයේ නිලධාරීන්ට එරෙහිව විමර්ශන කටයුතු ඇරඹීමත්

සමගින් දින පහක් පුරා පැවති මුලතිව් ධීවර සංගම්  විරෝධතාව අත්හිටුවා තිබේ.

විරෝධතාව පවත්වන අතරතුරේ ඔවුන්ට පොලිස් ප්‍රහාරයකටද ගොදුරු වන්නට සිදුවිය.

දිස්ත්‍රික් ධීවර දෙපාර්තුමේන්තු කාර්යාලය අසලට ඔක්තෝබර් 3 වැනිදා උදෑසන රැස්වූ මුලතිව් දිසාවේ ධීවරයන්ගේ සමිති 24 ක සාමාජිකයන් ඉල්ලා සිටියේ නීති විරෝධීව මසුන් මැරීමට සහාය දෙන නිලධාරින් සියලු දෙනාගේ ස්ථාන මාරු කරන ලෙසයි.

 ධීවර දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඔක්තෝබර් 07 වැනිදා පැමිණ චෝදනා එල්ලවී ඇති නිලධාරින් ගැන පරීක්ෂණ ආරම්භ කර තිබේ.



''විමර්ශන පටන් අරන් තියෙන නිසා අපි දිගටම කරගෙන ආපු විරෝධතාව අත් හිටුවනවා. ධීවර සමිති එක්ක කතා කරලා ධීවර ජනතාවට සාධාරණයක් ඉටු කරන්න ඕනෑ. මේ ආර්ථික අර්බුද මැද්දේ අපි හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ. අපේ සම්පත් පිටස්තරයන්ට කොල්ල කන්න දෙන්න බැහැ,'' යැයි මුලතිව් දිසා ධීවර සමිති සම්මේලනයේ සභාපති ඒ.අරුල්නාදන් පවසයි.



මුලතිව් ධීවර සමිති නියෝජිතයන්ට සහයෝගය ලබා දුන්  අන්තෝනි අගෝස්තින් පියතුමා කියා සිටියේ ධීවරයන් තම මුහුදු සම්පත රැක දෙන ලෙස  ඉල්ලීම යුක්ති සහගත බවයි.

''මේ විමර්ශන වාර්තාව නිකම්ම නිකං වාර්තාවක් නොවී, ධීවරයන්ට සහාය වෙන එකක් විය යුතුයි.''



පොලිස් ප්‍රහාර

තම ඉල්ලීම් ලබා දෙන ලෙස ඉල්ලා ධීවර අධ්‍යක්‍ෂක වෙත ලිපියක් යොමු කළ මුලතිව් ධීවර සංගම් නියෝජිතයෝ විසදුමක් ලබා දෙන තෙක් තම අරගලය අඛණ්ඩව ගෙන යාම සඳහා ඔක්තෝබර් 03 වැනිදා සිට ධීවර දෙපාර්තමේන්තුව ඉදිරිපිට කූඩාරම් ලා ගත්හ.

ඒ අතර මෙම විරෝධයට ලක්වී සිටින නිලධාරීන්ට පක්ෂපාති දකුණේ සිට පැමිණ කොක්කිලායි සහ සාලෙයිහි වාඩි ලා සිටින සංක්‍රමණික ධීවරයන්, මාතලන් ප්‍රදේශයේ දෙමළ හා මුස්ලිම් ධීවරයන් 300 ක් පමණ මුලතිව්  බස් නැවතුම්පොළ අසල ඔක්තෝබර් 04 වැනිදා උදෑසන උද්ඝෝෂණය කරමින් කියා සිටියේ ධීවර දෙපාර්තමේන්තු නිලධාරින් කිසිවෙක් ස්ථාන මාරු නොකරන ලෙසයි.



පසුව නිලධාරීන්ට පක්‍ෂපාති ධීවරයන්ට සෙසු පිරිස සිටී ධීවර දෙපාර්තුමේන්තුව දෙසට ගමන් කරමින් ගැටුම් ඇති කිරීමට ඉඩ නොදුන් පොලිසිය, මුලතිව් ලංකා බැංකුව අසලින් මාර්ගය හරස්කර බාධක යෙදු අතර එය බිඳ දැමීමට වෑයම් කළවුන්ට කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාර එල්ල කර තිබේ.



ධීවර දෙපාර්තමේන්තුව ඉදිරිපිට අරගලයේ සිටී ධීවර සංගම් නියෝජිතයන් ද මාර්ග බාධක බිඳ දමමින්, නිලධාරීන්ට පක්‍ෂපාති ධීවරයන් දෙසට ගමන් කිරීමට ගත් උත්සාහයේදී ඔවුන්ට ද පොලිසිය විසින් කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාර එල්ල කෙරිණි. මුලතිව් මුහුදේ නීති විරෝධීව මසුන් මැරීමට සහාය දක්වන නිලධාරින්ට එරෙහිවූ හා පක්‍ෂවූ  ධීවර දෙපිරිසටම පොලිසිය මෙසේ ප්‍රහාර එල්ල කරන්නට විය.

 පොලිසිය එල්ල කළ ප්‍රහාරයෙන් තුවාල ලැබූ එක් ධීවරයෙක් රෝහල් ගත කෙරුණු අතර ධීවර සංගම් නියෝජිතයන් ධීවර දෙපාර්තමේන්තුව ඉදිරිපිටත්, නිලධාරීන්ට සහාය පළ කරන සංක්‍රමණික ධීවරයන් එදින දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලත් විරෝධතාවයේ නිරතව තිබේ.

sdsd

යාපනේ ධීවර සහාය

ධීවරයන් මුහුණ දෙන ගැටලුවලට පිළියම් ලබා නොදී, නීති විරෝධී ලෙස මුහුදු සම්පත් කොල්ල කෑමට සහාය දෙන නිලධාරීන්ට එරෙහි විය යුතු යැයි මුලතිව් ධීවර සමිති නියෝජිතයන්ට සහාය පළ කරමින් යාපනය දිස්ත්‍රික් ධීවර සමුපකාර සමිති සම්මේලනයේ සභාපති ඒ.අන්නරාසා පවසයි.

'' නීති විරෝධී මාළු අල්ලන එකට අපි 2012 ඉඳන් අපි හඬ නැගුවා. මේවා සම්පුර්ණයෙන්ම ඉවත් කළ යුතුයි.මුලතිව් ධීවරයන්ගේ සටනට අපේ සහාය දෙනවා.''

'' නීති විරෝධී මාළු අල්ලන එක දැන් ගොඩක් වැඩි වෙලා. ධීවරයන්ට ගොඩක් හානි වෙලා. මුදලාලිලාට මල්ල පුරවා ගන්න අවස්ථාව වැඩි වෙලා. කොහොම නමුත් අපි අපේ මුහුදු සම්පත් ඉදිරි පරම්පරාව වෙනුවෙන් රැක ගන්න ඕනෑ.''



පවතින ආර්ථික අර්බුදය හමුවේ දුෂ්කරතාවට පත්ව  තම දිවි සරි කරගන්නා මත්ස්‍ය සම්පත රැකගන්නට විදී බැස උද්ඝෝෂණය කළ මුලතිව් ධීවරයන්ට  පොලීසිය විසින් කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම උතුරු පළාත් ධීවර සංගම් සම්මේලනය විසින් හෙළා දැක තිබේ.



''විවිධ ප්‍රශ්න වලට මුහුණ දීලා ඉන්න ධීවරයන්ට විසදුම් ලබා නොදී කඳුළු ගෑස් නම් ගහන්නේ මුළු උතුරු පළාත් ධිවරයන්ම එකතු වෙලා සටන් කරනවා,'' යැයි උතුරු පළාත් ධීවර සංගම් සම්මේලනයේ සභාපති කාර්තලිංගම් අන්නමලේ වඩමාරච්චියේදී මාධ්‍යවේදීන් හමුවේ පැවසීය. 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්