බොරතෙල් මෙට්‍රික්ටොන් 99,000 ක් සහිත නෞකාවකට ගෙවීමට ඩොලර් කෝටි 7 ක්

හෙවත් රුපියල් කෝටි 2500 කට අධික මුදලක් නොමැති වීමෙන් දින 20 ක කාලයක් කොළඹ වරායට ආසන්න මුහුදේ නැංගුරම්ලා තිබෙන බව ඇතැම් මාධ්‍ය විසින් වාර්තාකර ඇත.


මෙම නෞකාව නැංගුරම්ලා තිබෙන දිනකට ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් ලක්‍ෂ එකහමාරක් ගෙවියයුතු බවත්, ඒ අනුව එම නෞකාවට මේ වන විට ඩොලර් ලක්‍ෂ 30 ක් හෙවත් රුපියල් කෝටි 110 ක් අධික ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදුවන බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන්වේ.

'කොරල් එනර්ජි' (Coral energy)  සමාගමෙන් ඇනවුම් කළ ඌරල් (Urals)  නැමැති බොරතෙල් අඩංගු මෙම නෞකාව පසුගිය සැප්තැම්බර් මස 20 වැනිදා ශ්‍රී ලංකාවට ළගාවූ බවත් එය නිදහස් කරගැනීමට මුදල් අමාතයංශය සහ භාණ්ඩාගාරය සමඟ අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බවත් පැවසේ.  



ඌරල් නැමැති බොරතෙල් වර්ගය ප්‍රමිතියෙන් තොර බවට මේ වන විට චෝදනා එල්ල වෙමින් තිබෙන අතර එවැනි බොරතෙල් වර්ගයක් තව දුරටත් ආනයනය කිරීම සම්බන්ධයෙන් බලශක්ති ක්ෂේත්‍රයේ විවිධ පාර්ශවවලින් විරෝධය එල්ල වී ඇත.




වැරදුණු බොර තෙල් නැව :


මේ පිළිබඳව අප කළ විමසීමකදී විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, දැනට ශ්‍රී ලංකා මුහුදු තීරයේ නැංගුරම් ලා ඇතිබව කියන බොරතෙල් නෞකාව ගැන ඇතැම් මාධ්‍ය දක්වා ඇති කරුණු බොහොමයක් අසත්‍ය බවයි.

මෙම නෞකාවේ ගබඩා කර ඇත්තේ තෙල් සංස්ථාව (CPC) සංස්ථාව විසින් ඉල්ලුම් කර තිබූ ESPO බොරතෙල් තොගයක් වන අතර එය URALS බොරතෙල් සහිත ඉන්ධන නෞකාවක් නොවන බව එම නිලධාරියා අවධාරණය කළේය.



තෙල් සංස්ථාව (CPC) විසින් 'කොරල් එනර්ජි' සමාගමෙන් මේ වන විට ඇනවුම් කර ඇත්තේ ESPO බොරතෙල් තොගයක් වන අතර ඒ අනුව, මේ වන විට ESPO බොරතෙල් නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති නමුත් මෙම බොරතෙල් ගොඩබෑම සඳහා නෞකාවට ගෙවීමට ශ්‍රී ලංකා රුපියල් හෝ ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුවට නොහැකිව තත්ත්වයක් මතුව තිබේ.




ශ්‍රී ලංකාවට බොරතෙල් ගෙන්වා ගැනීමට මහ බැංකුවට ඩොලර් මුදල් සංචිත නොමැතිව පත්ව ඇති අසීරුතාව මෙමගින් හොඳින් ම පැහැදිලි වේ .  

ESPO බොරතෙල් ප්‍රමිතියෙන් සයිබීරියන් මෙන්ම සමාන පිරිවිතර වලින් යුක්ත බවත්, CPC සංස්ථාව විසින් මෙම නෞකාවේ මූල්‍යමය ගනුදෙනු පියවා නිදහස් කරගෙන බොරතෙල් ගොඩ බෑම සඳහා අවශ්‍ය රුපියල් සොයා ගැනීමට මේ වන විටත් වෙහෙසෙමින් සිටින බවත් අමාත්‍යංශ නිලධාරියා සඳහන් කළේය. 

 

නෞකාවේ බොරතෙල් ගොඩබෑමේ කටයුතු මෙසේ ප්‍රමාදවී ඇත්තේ, රටේ රුපියල් අර්බුදයක් ද පවතින නිසා මිස, එය සංස්ථාවේ ප්‍රශ්නයක් නිසාවත්, ප්‍රසම්පාදනයේ ගැටළුවක් නිසාවත්, සැපයුම්කරුවන් ගේ මගඩියක් නිසාවත් නිසා නොවනබව එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image