පළාත් පාලන ආයතන ඡන්ද ක්‍රමය සංශෝධනය සදහා මේවනවිට ගනු ලබන උත්සාහය, අවංක උත්සාහයක් නොවන බව පූර්ව අත්දැකීම් අනුව පෙනී යන

බව පැෆරල් සංවිධානය පවසයි.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේදී බලයේ සිටින කණ්ඩායම තමන්ට වාසිදායක අයුරින් එම සංශෝධන ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීමෙන් පොදු එකගතාවක් ඇති කරගැනීම දුෂ්කර වී ඇති බවයි.



මැතිවරණ ක්‍රමයන් සංශෝධනය කිරීමට යාමේදී මීට පෙර ඇති වූ තත්ත්වයන් පිළිබද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මෙහිදී කරුණු දැක්විය.



''ජනමත විචාරණයක් පවත්වනවා'' - ජනපති කියයි


පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය පිළිබඳ තීරණය කිරීමට තේරීම් කාරක සභාවක් යෝජනා කරන බවත්, එම තේරීම් කාරක සභාව විසින් ලබන වසරේ ජූලි මාසය වනවිට තීරණයක් ඉදිරිපත් නොකළහොත් ජනමත විචාරණයක් පවත්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත්දා පැවසිය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වෘත්තීයවේදීන් සමඟ පෙරේදා (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීය.


• මැතිවරණ ක්‍රමයේ සංශෝධන රැසක්
• පළාත් පාලන සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීමට පියවර
• මැතිවරණයට වියදම් කරන මුදල් සඳහා සීමා
• දේශපාලන පක්ෂ නීති ගැන අවධානය
• මන්ත්‍රීවරුන්ගේ හැසිරීම හා සාරධර්ම පිළිබඳ නව රීති පාර්ලිමේන්තුවට
• දේශපාලන පක්ෂ අරගලයට හේත්තු වූණාට අරගලය දේශපාලන පක්ෂවලට හේත්තු වී නැහැ.


රටේ බහුතරය, පවතින දේශපාලන ක්‍රමය ප්‍රතික්ෂේප කරන බැවින් ඔවුන් බලාපොරොත්තු වන දේශපාලන වෙනස ඇති කළ යුතු බවත්, ඒ අනුව මීළඟ මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන (ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා) සඳහා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කර “ජන සභා” වැඩසටහන ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී සඳහන් කළේය.

එසේම ප්‍රාදේශීය සභාවේ විධායක බලය තනි සභාපති කෙනෙක් වෙනුවට සභාපති මුල්කරගත් කමිටුවකට ලබා දිය යුතු බව ද මීළඟ ප්‍රාදේශීය සභා මැතිවරණවලට පෙර මෙම සංශෝධන සිදු කිරීම සඳහා නීති කෙටුම්පත් සකස් කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසිය.

දේශපාලන දූෂණයට ප්‍රධාන හේතුව මනාප ක්‍රමය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අප කඩිනමින් මනාප නැති ලැයිස්තු ක්‍රමය හෝ මිශ්‍ර ක්‍රමයක් (කේවල හා අනුපාත ක්‍රමයක්) සමඟ මැතිවරණ ක්‍රමයට යා යුතු බවත්, මැතිවරණයට වියදම් කරන මුදල් සඳහා ඡන්ද නීතිය මගින් සීමාවන් පැනවිය යුතු බවත් පැවසීය.



ජනාධිපති බයවෙලා! ඡන්ද කල් දාන්න හදනවා! - විපක්ෂ නායක


ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ, ජනාධිපතිවරයා ජන්ද පැවැත්වීමට බියෙන් ජන්ද කල් දැමීමේ සැලසුමක් දියක් කර ඇති බවයි.

ඊයේ පැවැති රැස්වීමකට එක්වෙමින් ඔහු තවදුරටත් කියා සිටියේ හැකිනම් තමා ජනාධිපතිවරණයක් තබන ලෙසට ජනාධිපතිවරයාට අභියෝග කර සිටින බවයි.



ඒ අතර මහාචාර්ය චරිත හේරත් පවසන්නේ, පළාත් පාලන ඡන්දය පැවැත්වීම මැතිවරණ කොමිසමට සැප්තැම්බර් සැප් 20 දින සිට බලය ලැබී ඇති තත්ත්වයක් තුළ එය කල් දැමීමට ජනාධිපතිවරයා දරන උත්සාහය පරාජය කළ යුතු බවයි.

'' මේ කරන්නේ පළාත් සභා ජන්දයට කළ දේමය. අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු ජනතා මතයකින් තොරව මෙවැනි ප්‍රතිපත්ති වෙනස්කම් නොකළ යුතු බව මගේ මතයයි. '' මහාචාර්ය චරිත හේරත් තවදුරටත් කියා සිටියි.

'නිදහස ජනතා සභාව ' ප්‍රධානියකු වන මහාචාර්යවරයා එබව සඳහන් කර ඇත්තේ, ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමිනි.


Screenshot 2022 10 10 at 9.03.56 AM

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image