1200 x 80 DMirror

කොළඹ ගාලුමුවදොරදී පෙරේදා (09) පැවැත්වූ 'ජනඅරගල විරු සැමරුමේ' දී ඇතිවූ ගැටුම අතරතුර රෝගී තත්ත්වයට පත්ව රෝහල්ගත කල දරුවට

අභ්‍යන්තරව හෝ බාහිරව කිසිදු රෝගි තත්ත්වයක් නොමැති බව වාර්තාවේ.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය එබව සඳහන් කළේය.

"දරුවාට බාහිර හෝ අභ්‍යන්තර කිසිදු රෝගී තත්ත්වයක් එහෙම නැත්නම් කිසිම තුවාල තත්ත්වයක් ඇතිවෙලා නෑ. දරුවා හොඳ තත්ත්වයේ ඉන්නවා. මේ තත්ත්වයට දරුවන් පත්කිරීමට කටයුතු කිරීම එතරම් සුදුසු නෑ. දරුවන් මෙවැනි අවස්ථාවන්වලට පෙලඹවීම සහ රැගෙන යෑම මම කිසිසේත්ම අනුමත කරන්නේ නෑ. ඒක කිසිසේත්ම හොඳ කාරණාවක් නෙමෙයි. අපි දැනගන්න ඕනේ දරුවන්ව ආරක්ෂා කරගන්න."  විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය පැවසිය.

ඒ අනුව දරුවාගේ මව, දරුවා ද රැගෙන ඊයේ (10) පස්වරුවේ රෝහලෙන් නික්ම ගිය බව රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



දරුවන්ට හිරිහැර කරන ලදැ'යි පොලිසියට එරෙහිව පැමිණිල්ලක්


කොළඹ ගාලුමුවදොර පිටියේ ඔක්තෝබර් (09) පැවති ජනවිරු සැමරුමේ දී පොලීසිය හා ජනවිරු සැමරුමට එක්වු ක්‍රියාකාරීන් අතර උණුසුම් වචන හුවමරු සිදුවන අයුරු දිගින් දිගටම දැක ගත හැකි විය.

දරුවන් ඇතැතිව සිටි මව්වරුන් මෙන් පියවරුන්ද ඇඳගෙන යාමට පොලීසිය තැත්කරන අයුරු දැක්වෙන දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසර්ණය විය.

ජනතාව විසින් ආර්ථික අර්බුදය හේතු කොට ගෙන ආරම්භ කළ අරගලයට මාස 06ක් පිරීම නිමිත්තෙන් එම කාලය තුළදී මිය ගිය පුද්ගලයින් සිහිකර මෙම විරු සමරුම සංවිධාන කර තිබුණි.

මෙම සැමරුමේ දී කුඩා දරුවන් හා ළමයින් පිරිසක් බියවද්දමින් ඔවුන්ට හිංසා කරමින්ද පොලිස් නිලධාරීන් පිරිසක් කටයුතු කළ ආකාරය පිළිබඳව විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සහ විරෝධතාකරුවන් පිරිසක් ජාතික ළමාරක්ෂක අධිකාරියට ගොස් ඊයේ (10) පැමිණිල්ලක්ද ඉදිරිපත් කරනු ලැබීය.


විරෝධතා සඳහා ළමුන් රැගෙන යා නොහැකියි - පොලිසිය කියයි


කෙසේවුවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, විරෝධතා සඳහා ළමුන් රැගෙන යා නොහැකි බවයි.

මෙය පොලිසියේ වරද නොව දෙමව්පියන්ගේ වරද බවත්, දරුවන් රැගෙන ගොස් ඇත්තේ, ආරක්ෂාව ලබා ගැනීමට බවත් පොලිසිය සඳහන් කළේය.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙනත් පුද්ගලයෙකු අත සිටි දරුවා ඔහු අතට ගෙන ඇති බවත්, ළමුන් කෲරත්වය පත් කිරීම, කායිකව අපහසුතාවට පත් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවයි.



සබැඳි පුවත් :


දරුවන්ට හිංසා කළ පොලිසියට එරෙහිව ගුරු සංගම් පැමිණිල්ලක්

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය