මෙවර ජනාධිපතිවරණ සටන ඇත්තේ ආඥාදායකයකු සහ සැබෑ ජනතා නියෝජිතයකු අතර බවත්, මහජනතාවගේ සැබෑ නියෝජිතයා සජිත් ප්‍රේමදාස බවත්

ජනතා විමුක්ති පෙ⁣රමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රණවීර පතිරණ පවසයි.

රණවීර පතිරණ එබව සඳහන් කළේ The Leader TV සමග කළ සංවාදයකදීය. 

''අද මේ මොහොත වෙනකොට මේ මැතිවරණය පරිවර්ථනය වෙලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව තීරණයක් ගන්නා මැතිවරණයක් බවට. ඒ විතරක් නෙවෙයි අනිත් පැත්තෙන් ගත්තම පැසිස්ට්වාදය සම්බන්ධයෙන්, පැසිස්ට්වාදය සමාජයට තුළ පැලකරන ස්ථාපිත කරන මැතිවරණයක් බවට. '' ඔහු එහිදී සඳහන් කළේය.

එම සංවාදයේදී ඔහු මෙසේද ප්‍රතිචාර දැක්විය.

''මේ ජනාධිපතිවරණය ඉතාමත්ම වැදගත් අවස්ථාවක්. ඒ මොකද රාපක්ෂවරු දශක දෙකක් තිස්සේ තරඟ කරන අවස්ථාවකට පැමිණිලා තියෙනවා. 2015 අපිට රාජපක්ෂවරු පරාජය කරන්න අවස්ථාවක් ලැබුණා.  හැබැයි දෛවයේ සරදමකට ආයිමත් ගෝඨාභය රාජපක්ෂ මහත්මාත් සජිත් ප්‍රේමදාස මහත්මාත් අතර තරඟයක් බවට මේක පත්වෙලා තියනවා. 

මේ රටේ ජනතාවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැත්තෙන් මේ වෙනකොට මතයක් ඉදිරිපත් කරලා  තියෙනවා මේ මැතිවරණය ගොඩවල් දෙකකට බෙදාගෙන එකක් දේශප්‍රේමීන් සහ අනික රටට එරෙහිව වැඩ කරන පිලක් විදිහට හඳුන්වමින් ඉන්නවා.

අපි මේ මැතිවරණය තේරුම් ගනිමින් ඉන්නේ ඒ ආකාරයට නෙවෙයි. අපිට මේ මැතිවරණය වැදගත් වෙන්නේ, අද මේ මොහොත වෙනකොට මේ මැතිවරණය පරිවර්ථනය වෙලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව තීරණයක් ගන්නා මැතිවරණයක් බවට. 

ඒ විතරක් නෙවෙයි අනිත් පැත්තෙන් ගත්තම පැසිස්ට්වාදය සම්බන්ධයෙන්, පැසිස්ට්වාදය සමාජයට තුළ පැලකරන ස්ථාපිත කරන මැතිවරණයක් බවට. 

මම එහෙම කියන්න හේතුවෙලා තියෙන්නේ එක කාරණයක් නිසා. මහින්ද රාජපක්ෂ මහත්මා 2015 ඉදිරිපත් වුණා සේ ඉදිරිපත් වුණා නම්, හිටපු ජනතා නායකයෙක් විදිහට, එහෙම නොවී මේ අවස්ථාව වෙනකොට මේ රාජපක්ෂ කඳවුරේ, මේ රාජපක්ෂ පවුලේ දේශපාලනය තුලින් ඉදිරිපත් කරලා තියෙන්නේ, දේශපාලකයෙක් වෙනුවට මිලිටරි නියෝජිතයෙක්, අනිත්  පැත්තෙන් ගත්තම අඥාදායකයෙක්. 

ඒ නිසා මේ මැතිවරණයේ මහජනතාවගේ ඇත්ත නියෝජිතයා සජිත් ප්‍රේමදාස මහත්තයා කියන එක තමයි අපිට මෙතනදී වඩාත් වැදගත් වෙන්නේ.

රාජපක්ෂවරු බලයට පත්කරන්න ඇත්තටම මේ රටේ ජනතාවට උවමනාවක් නැහැ. උවමනාව තියෙන්නේ රාජපක්ෂවරුන්ටමයි. මොකද ගෝඨාභය රාජපක්ෂ කියන්නේ තනි පුද්ගලයෙක් නෙවෙයි.

රාජපක්ෂවරුන්ගේ මුළු පවුලටම ජනාධිපතිවරයෙක් ඕන වෙලා තියෙනවා. 

ඒ වගේම මේ අයත් එක්ක හිටපු දේශපාලන පක්ෂවලට සහ මේ අය එක්ක පසුගිය කාලේ බරපතල දූෂණ වංචාවලට සම්බන්ධවෙලා හිටපු පාර්ශවයන්ට මේක ඕන වෙලා තියෙනවා.

ඒ අය තියනවා ඒ අය එක්ක දේශපාලන පක්ෂ වැඩි ප්‍රමාණයක් සන්ධානගතවෙලා ඉන්නවා, සහය දක්වනවා කියලා. ඒ අය කවුද? ඒ අය තමයි රාජපක්ෂලාගේ  වංචා, දූෂණ, ඒ තිබ්ච්චා චෝදනා අනුමත කරන ඒවා පෙරට ගෙනියන්න දායක වෙන කොටස මේ රාජපක්ෂවරු එක්ක මේ කටයුත්තට සම්බන්ධවෙලා ඉන්නේ.

''ගෝඨාබය දක්ෂ පරිපාලකයෙක් නෙමෙයි''

මේ රටට තවත් වැරදි මතයක් සමාජගත කරමින් ඉන්නවා ජනාධිපතිධූරය වැනි බරපතල වගකීමකට සුදුස්සා බවට පත්වීමට තරම් ඔහු දක්ෂ පරිපාලකයෙක් කියලා. අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වත් නෙවෙයි. ඒ වගේම පළාත් සභාවල හිටපු අත්දැකීම් තියෙන මන්ත්‍රීවරයෙක්වත් නෙවෙයි. පාර්ලිමේන්තු නියෝජනයක් තිබුණ මහජන නියෝජිතයෙක්වත් නෙවෙයි. 

ඒවගේම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා  ඔප්පු කරලා තියෙනවා මහජනතාවත් එක්ක කටයුතු කරන්න මහජන නියෝජිතයෙකුට තියෙන අත්දැකීම් එතුමාට නැහැ කියලා.

මෙතුමාගේ පරිපාලන භූමිකාව මතුවෙන්න පටන් ගත්තේ 2010 ආරක්ෂක ලේකම් ධූරය දරනවාත් සමගම නාගරික සංවර්ධන අධිකාරියේ වගකීම්, මිහින් ලංකා සමාගමේ වගකීම, ලංකා හොස්පිටල් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික වැනි රාජ්‍ය ආයතන ගණනාවක පරිපාලකයෙක් විදිහට කටයුතු කරනවා. 

අපි අහනවා මිහින් ලංකා එක අවසන් කරන මොහොත වෙනකොට කෝටි ගණනාවක ණය කන්දරාවක හිර කරපු ආයතනයක්, නාගරික සංවර්ධන අධිකාරිය කෝටි සංඛ්‍යාත මුදලක ණය අයිරාවකට  පත්වෙලා තිබුණා. ඒ වගේම ලංකා හොස්පිටල් කියන ආයතනය පාඩු ලබන ආයතනයක් බවට පත්වෙලා තිබුණා. ඒ නිසා ගෝඨාභය කියන්නේ කිසිදු ආයතනයක් හදලා පෙන්නපු දක්ෂ පරිපාලකයෙක් නෙවෙයි.

ආරක්ෂක ලේකම් විදියට කරපු වැඩ !

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ආරක්ෂක ලේකම් හැටියට ඉන්න කාලේ තමයි එතුමා කීත් නොයාර්ට පහර දෙන්නේ, දිවයින පත්තරේ උපාලි තෙන්නකෝන් මහත්තයාට පහරදෙන්නේ, වැලිකඩ සිරගෙදර 27 දෙනෙක් ඝාතනය කරන්නේ, ඒ වගේම රොෂේන් චානකලා මරණයට පත් වෙන්නේ, විශ්ව විද්‍යාල සිසුන් මහමග ඝාතනයට පත්වෙන්නේ. මේ සියල්ල සිදුවෙන්නේ මෙතුමා ආරක්ෂක ලේඛම් ධූරය දරමින් සිටින වකවානුව ඇතුළේ.

ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මේ සියල්ල එකට කළමණාකරණය කර ගන්න අසමත් වෙච්ච් පුද්ගලයෙක් කියලා තමයි අපිට කියන්න තියෙන්නේ.''

සම්පුර්ණ සංවාදය මෙතනින් බලන්න 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්