ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව කරන ලද ප්‍රකාශය, තැතිගන්වන සුළු බියකරු ප්‍රකාශයක්

බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියි.

ජනාධිපතිවරයා, පූර්වගාමී ජනාධිපතිවරුන්ට සාපේක්ෂව පාර්ලිමේන්තුව ඇමතීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලද මුත්, එම කිසිදු අවස්ථාවකදී වචනයකුදු සඳහන් නොකරන ලද, පළාත් පාලන මැතිවරණ ක්‍රමය පිළිබඳව හදිසියේ ප්‍රකාශයක් නිකුත් කිරීම, එම මැතිවරණය කල් දමා ගැනීමේ කූට උපක්‍රමයක් බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

මන්ත්‍රීවරයා එම කාරණා සඳහන් කළේ, ඊයේ කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ නිදහස් ආයුර්වේද මධ්‍යස්ථානය හා දිවා සුරැකුම් මධ්‍යස්ථානය පුරවැසි අයිතිය අයිතියට පත් කරලීමේ අවස්ථාවේදීය.



''මම මේ පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපති තුමා සමග සාකච්ඡා කළා, එතුමා කිව්වෙ කිව්වෙ මැතිවරණ කොමිසම එක්ක මේ පිළිබඳව වචනයක්වත් කතා කරල නෑ කියලා. කිසිදු අදහස් විමසීමක් කරලා නෑ කියලා. එතුමා මේ අදහස දැනගෙන තියෙන්නෙත් ඊයේ මාධ්‍ය වාර්තා කරාට පස්සේ.අන්න ඒක තමයි මේකෙ තියෙන බරපතලම අනතුර.''




පනතට අනුව, පළාත් පාලන ආයතන වල ආයු කාලය  විෂය භාර අමාත්‍යවරයාගේ බලතල උපයෝගී කරගෙන වසරක් දිගු කරලයි තියෙන්නෙ. ඒ වසරෙත් අවසන් කාර්තුව තමයි මේ ගෙවෙමින් යන්නේ. ඒ කියන්නේ මැතිවරණය සඳහා අවශ්‍ය මූලික කටයුතු සූදානම් කරන අදියරට තමයි අපි නීත්‍යානුකූලව එළඹිලා ඉන්නේ.

එහෙම තියෙද්දි මෙහෙම අදහසක් පළ කරන්නේ අවංක උවමනාවෙන් නොවෙයි කියන එක තමයි අපේ අත්දැකීම.

පළාත් පාලන සභික සංඛ්‍යාව යම්කිසි සමාලෝචනයකට ලක් කරන එක, වරදක් නෙවෙයි ඒක හොද වැඩක්. මොකද විශාල මහජන මතයක් ගොඩනැගිලා තියෙනවා දරන්න බැරි මහජන නියෝජිතයෝ සංඛ්‍යාවක් පොදු ජනතාව නඩත්තු කරනවා කියලා. එනිසා ඒ සංඛ්‍යාව සමාලෝචනය කිරීමේ කිසිම වරදක් නෑ.

ඒ වගේම මැතිවරණ ක්‍රමය පිළිබඳව සලකා බැලීමෙත් වරදක් අපි දකින්නේ නෑ.

නමුත් බලන්න,  ලංකාවේ මැතිවරණ ක්‍රම වල තියෙන විකෘතිය.

 දේශපාලන බල ව්‍යුහයන් හතරක් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා, ඒ බල ව්‍යුහයන් හතරටම ක්‍රියාත්මක වෙන්නේ ක්‍රම හතරක්. ජනාධිපති ක්‍රමය මුළු ලංකාවම මැතිවරණ කොට්ඨාශයක් විදියට සලකලා පවත්වන මැතිවරණය ඒක ගැටලුවක් නෑ.


# පාර්ලිමේන්තු මැතිවරණය ඒක තියෙන්නෙ සම්පූර්ණයෙන්ම සමානුපාතික ක්‍රමයකට.

# පළාත් සභාව ඒකියන්නෙ දැනට අත්හිටවල තියෙන, පනතට අනුව පළාත් පළාත්සභාවේ තියෙන්නෙ 50 ට 50, සමානුපාතික කේවල මිශ්‍රණයක්.

# ඒ වගේම පළාත් පාලන මැතිවරණ වල තියෙන්නෙ 60 /40 අනුපාතයේ කේවල සමානුපාතික මිශ්‍රණයක්.



මැතිවරණ තුනට ක්‍රම තුනක් අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ලෝකේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත රටවල් වල ක්‍රියාත්මක වෙනවා වගේ, මේ මැතිවරණ වල යම්කිසි ප්‍රමිතියක් අපි ගොඩනගා ගත යුතු වෙනවා ගොඩනඟා ගතයුතු වෙනවා ඒක පිළිබඳව කිසිම ගැටළුවක් නෑ.

නමුත් අපිට සාධාරණ සැකයක් තියෙනවා ආණ්ඩුව මේ සූදානම් වෙන්නෙ, මැතිවරණ සිතියම අකුලා දැමීමේ කූට උත්සාහයක දැයි මේ නිරත වෙන්නේ කියලා.
මොකද, අපිට තියන අත්දැකීම් තමයි ඒවා.

පළාත් සභාව දැනට වසර ගණනාවක් තිස්සේ අක්‍රීයව පවතින්නේ. පළාත් සභාවක් ක්‍රියාත්මක වෙන්නේ නෑ මහජන නියෝජිතයෝ ඒ ආයතනවල කටයුතු කරන්නේ නෑ.



පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳව සංශෝධනයක් ගෙනල්ලා, පහුගිය යහපාලන ආණ්ඩුව කාලේ රනිල් වික්‍රමසිංහ එවක අගමැතිතුමාගේ නායකත්වය යටතේ, පළාත් සභාව ගර්හිත කරලා තියෙන්නේ, කොට උඩ යවලා තියෙන්නේ.



පාලකයන්, අධිකරණයට වෙට්ටු දාලා, අණ පනත් වලට සංශෝධන ගේන්නේ, තමන්ට අභිමත තමන්ට වාසිදායක කොටස් ඇතුළත් කරන්නේ කාරක සභා අවස්ථාවේ දී. ඒ අවස්ථාවේ දි ගෙනෙන සංශෝධන වලට එරෙහිව අධිකරණයට යන්න අවස්තාවක් නෑ.

මේ කුප්‍රකට උත්සාහය දරපු මොහොත මට අද වගේ මතකයි, අවශ්‍ය බහුතර මන්ත්‍රීන් සංඛ්‍යාව සභා සභාගර්භයට පැමිණෙන තුරු, ඡන්ද විමසීම කල් දමපු හැටි තමන්ගේ බලය පාවිච්චි කරලා.

ඒ විදිහට ඒ පනත සම්මත කරා, නමුත් සීමා නිර්ණ කටයුතු සිද්ධ කළේ නෑ. ඒ අනුව පළාත් සභා මැතිවරණය සිතියම අකුලලා දැනට වසර තුනකට ආසන්න කාලයක් ගෙවිලා ගිහිල්ලා තියෙනවා.



''එනිසා මේ අවස්ථාවේදී අපිට සාධාරණ සැකයක් තියෙනවා සාධාරණ බයක් තියෙනවා, මේ උත්සාහයක් එවැනි කූට අරමුණක් මුදුන් පමුණුවා ගන්න දරන උත්සාහයක් විදිහට.''



මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි, අපි විපක්ෂයේ සියලු සියළු බලවේග මේ දුෂ්ට අරමුණ පරාජය කරන්න ඒකරාශී කරනවා.

සමාජයෙන් නොමැති, විකෘති මතයක් පිළිබිඹු වන පාර්ලිමේන්තු බහුතරය උපයෝගී කරගෙන, මැතිවරණ කල් දැමීමේ රජයේ උත්සාහය අපි නියත වශයෙන්ම වශයෙන් ම පරාජයට පත් කළ යුතුව තියෙනවා.

රටේ නොමැති, මහජනතාව තුළ නොමැති, ඡන්ද දායකයන් තුළ නොමැති නමුත් පාර්ලිමේන්තුව තුළ ඇති කෘතිමව නිර්මාණය කරගත් බහුතරය උපයෝගී කරගෙන, රටේ ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය කරන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ කියන එක අවධාරණය කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා.

මම ඔබෙන් ඉල්ලා සිටින්න කැමතියි, මේ දුෂ්ට උත්සාහය පරාජය කරන්න, සියලු වාද භේද පසෙකලා මේ අරමුණ වෙනුවෙන් අපි සමග එකතු වෙන්න කියලා.''

ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ ජේෂ්ඨ අනුනායක පූජ්‍ය ඕමාරේ කස්සප නාහිමියන් අනුශාසනාවක් පැවැත්වූ අතර, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද වීරසිංහ සභාව ඇමතීය. 

 

 
සබැඳි පුවත් :

  

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්