2015 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් මිලියන 688 ක බැඳුම්කර සම්බන්ධයෙන්

සාවද්‍ය විශ්වාසය කඩ කළේ යැයි  චෝදනා කරමින් පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනු කර තිබෙන චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට විත්තිය විසින් මතුකළ මූලික විරෝධතාවක්, කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (11) පිළිගත්තේය.

මෙම නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම් කර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම පුද්ගලයෙකු නොවන බැවින් ඊට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා පවරා පවත්වාගෙන යෑමට හැකියාවක් නොමැති බවට විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවයට අදාළ කරුණු සලකා බැලීමකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතාවය පිළිගන්නා බව සඳහන් කළේය.

මෙම නඩුව සම්බන්ධ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන දෙසැම්බර් මස 16 වැනිදා පැවැත්වවීමට විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියම කළේය.

දමිත් තොටවත්ත සහ නාමල් බළල්ලේ යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරු වරුන්ගේ එකඟත්වය මත මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණා.



ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන සංජීව මොරායස් (සභාපති විනිසුරු) දමිත් තොටවත්ත සහ නාමල් බණ්ඩාර බලල්ලේ යන මහත්වරුන්ගෙන් සමන්විත  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණී.




මෙම නඩුව සඳහා අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් සහ අජාන් ගාර්දිය පුංචිහේවා නොමැතිව නඩුව විභාග කිරීමට මෙන්ම ඔවුන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය මීට පෙර අවස්ථාවකදී වරෙන්තු නිකුත් කළ අතර එම වරෙන්තුව ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කිරීමටද විනිසුරු මඩුල්ල නියම කොට තිබිණි.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙකු හැර අනෙකුත් විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවු මෙම බැඳුම්කර වංචාවෙන් රටේ ආර්ථිකයට සිදුවු අහිතකාර බලපෑම, බැඳුම්කර වංචාවේ බරපතලකම මෙන්ම සංකීර්ණත්වය සැළකිල්ලට ගනිමින් නීතීපතිවරයා මෙම නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කොට ඇත.

2015 පෙබරවාරී මස 27 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවේදී භාන්ඩාගාර බැඳුම්කර වංචා කිරීම සඳහා පොදු අරමුණක් සහිතව කටයුතු කිරීම ඒ අනුව භාන්ඩාගාර බැඳුම්කර වංචා කිරීම එමඟින් රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදු කිරීම, ඒ සඳහා ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.

මෙලෙස චෝදනා නඟා ඇත්තේ ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති ලක්‍ෂමන් අර්ජුන් මහෙන්ද්‍රන්, මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම, එහි අධ්‍යක්‍ෂ අර්ජුන් ජෝශප් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් ඕෂධී පළිසේන, එහි සභාපති ජෙෆ්රි ජෝශප් ඇලෝසියස්, එම සමාගමේ සේවකයින් වන පුෂ්පමිත්‍ර ගුණවර්ධන, චිත්‍රා රංජන් හුලුගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තන්ට එරෙහිවය.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා සාක්කිකරුවන් 115 දෙනෙකු හා ලේඛණ 236ක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.



නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්ති කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන ගාමිණී මාරපන සහ නවීන් මාරපන මහත්වරුන් මූලික විරෝධතාවක් මතුකරමින් නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම් කර සිටින පර්පචුවෙල් ට්‍රෂෙරීස් සමාගම පුද්ගලයෙකු නොවන බැවින් ඊට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා පවරා පවත්වාගෙන යෑමට හැකියාවක් නැතැයි සඳහන් කළේය.




විත්තියේ මුලික විරෝධතාවයට අදාළව ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල බහුතර තීන්දුවෙන් විත්තියේ මුලික විරෝධතාවය පිළිගන්නා බව සඳහන් කළේය.

නඩුව දෙසැම්බර් මස 16 වැනිදා යළි කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය එදින පැවැත්වීමට නියම කළේය.

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්