theleaderlk 01

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තමන්ට කැමති ආකාරයෙන් ඡන්දය භාවිතා කිරීමේ

නිදහස මන්ත්‍රීවරුන්ට තිබෙන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.

කෙසේවුවද මෙම සංශෝධනය කැබිනට් මණ්ඩලයෙන් අනුමත කර ඇති නිසා කැබිනට් ඇමතිවරු ඊට පක්ෂව ඡන්දය භාවිතා කරන බව ද ඔහු සඳහන් කළේය.

ඇමති බන්දුල ගුණවර්ධන මේ බව පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයතට පිළිතුරු දෙමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය ජනතාව බලාපොරොත්තු වන ආකාරයෙන් ඉෂ්ඨ වේ යැයි විශ්වාස කරන බව ද ඇමතිවරයා කීවේය.

එකම පක්‍ෂයේ වුවත් මන්ත්‍රීවරුන් අතර, පරස්පර අදහස් තිබිය හැක බව ද ඇමතිවරයා පැවසීය.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ලබන 20 හා 21 යන දිනවලදී පැවැත්වීමට ඔක්තෝම්බර් 07 දින පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත.
 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

නවතම පුවත්