theleaderlk 01

රටේ විවිධ කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින තිළිණි ප්‍රියමාලි, තෙල් අර්බුධයක් පැවති සමයේ ශ්‍රි ලංකාවට තෙල් ගෙන්වන නියෝජිතවරිය වශයෙන්

පෙනී සිටිමින් ව්‍යාපාරිකයන්ගෙන් ඩොලර් කෝටි ගණනින් වංචා කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

රජය මගින් මෙරටට තෙල් ගෙන්වීමේ නියෝජිතවරිය වශයෙන් තමන් පත්කර ඇති බවත්, ඩොලර් අර්බුධය නිසා තෙල් ගෙන්වීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බව පවසා ඇය ව්‍යාපාරිකයන් රවටා ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියා සිටියි.

තෙල් ගෙන්වීම සදහා තමන්ට ඩොලර් ලබා දෙන ලෙසත්, එම ඩොලර්වලින් මෙරටට තෙල් ගෙන්වීමෙන් පසු ඒවා අලෙවි කර වැඩි ලාභයක් දිය හැකි බවටත් පවසා සැකකාරිය ව්‍යාපාරිකයන් රවටා ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

සැකකාරියගේ එම ප්‍රකාශ අනුව ව්‍යාපාරිකයන් රැසක් ඇයට ඩොලර් ලබා දී ඇති බවත්, එලෙස ව්‍යාපාරිකයන්ගේ ලබා ගත් ඩොලර් ඇය ඒවා වංචා කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග සනදහන් කරයි.

එක් ව්‍යාපාරිකයකු ඇයට රැවටී ඇමැරිකානු ඩොලර් 60,000 ක්, පවුම් 136 ක්, ඔස්ට්‍රේලියා ඩොලර් ලක්ෂයක් ලබා දී ඇති බවත්, තෙල් නැවට මුදල් ගෙවු පසු දින දෙකකින් එම මුදල් ලාභ සමග ලබාදෙන බවට පවසා සැකකාරිය මුදල් ලබාගෙන ඇති බවට එම ව්‍යපාරිකයා ඊයේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කළේය.


(lankadeepa.lk)

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

නවතම පුවත්