1200 x 80 DMirror

රියැදුරන් සිදුකරන වැරදිවලට ලකුණු අඩු කිරීමේ අරමුණින් ‘චිපයක්’ සහිත රියැදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට වසර දහයක් තිස්සේ රුපියල් කෝටි 1131 ක

මුදලක් එක්තරා සමාගමට ලබාදී ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිය නවතා QR කේතය සහිත රියැදුරු බලපත්‍ර ව්‍යාපෘතියක් ඇරඹීමට යෑම මුදල් හම්බකරන තවත් වැඩක ආරම්භයක් විය හැකි යැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පවසති.

2009 සිට චිපය සහිත රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ව්‍යාපෘතිය එක්තරා සමාගමකට ලබාදී එම චිපය සහිත රියැදුරු බලපත්‍රය මුද්‍රණය කළත් පොලිසිවලට අදාළ රියැදුරු බලපත්‍ර පරීක්‍ෂා කිරීමට අවශ්‍ය මැෂින් ලබාදී නැතැයි ද විගණනයේ දී හෙළිවී තිබූ බව ඔවුහු පවසති.

 

චිපය සහිත රියැදුරු බලපත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා එක් අයකුගෙන් රුපියල් 2000ක් මෝටර් රථ දෙපාර්තමේන්තුව අයකරගත් පසුව එම රුපියල් 2000න් රුපියල් 1571ක්ම අදාළ සමාගමට ගෙවා තිබූ බව රජයේ විගණනයේ දී හෙළිවී තිබිණි.

 

මේ වනවිට චිපය සහිත රියැදුරු බලපත්‍ර වසර 13 ක් තිස්සේ නිකුත් කළ පසු QR කේතය සහිත රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති අතර එය ක්‍රියාවට නැංවීමට පෙර විගණන වාර්තා කියවා බලන ලෙස දෙපාර්තමේන්තු නිලධාරීහු කිහිපදෙනෙක්ම සඳහන් කළහ.

(divaina.lk)


 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය