2022 නොවැම්බර් 06 වනදා සිට 18 වනදා දක්වා ඊජිප්තුවේ පැවැත්වෙන COP 27 සමුළුවට තෙවන චාල්ස් රජු සහභාගී විමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.


ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ Leader YouTube නාලිකාවේ පසිනි විතානගේ සමග අද (13) සම්මූඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

තෙවන චාල්ස් රජු COP 27 සමුළුවට සහභාගී නොවීමට තීරණය කර ඇති බවට බකිංහැම් මාළිගය ඔක්තෝබර් 02වනදා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේය.

පසුගිය වසරේ COP 26 සමුළුවේ සභාපති සහ බ්‍රිතාන්‍ය අගමැති ලිස් ට්‍රස්ට් ගේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජික ආලෝක් ශර්මා සඳහන් කර සිටියේ තෙවන චාල්ස් රජු මෙවර COP සමුළුට සහභාගී විය යුතු බවයි.

ඔහු මේ බව කියා සිටියේ සමුළුවට සහභාගී නොවන ලෙස බ්‍රිතාන්‍ය අගමැතිණි ලිස් ට්‍රස්ට්, චාල්ස් රජුට නියෝග කළ බවට පළවු වාර්තාවකට ප්‍රතිචාර දක්වමිනි.
බ්‍රිතාන්‍ය ප්‍රවෘත්ති වාර්තාවලට අනුව එවකට වේලස් කුමරු වාර්ෂික සමුළුට සහභාගීවන බව අගවා තිබිණි. තෙවැනි චාල්ස් රජු දේශගුණික විර්යාසවල බලපෑම් අවම කිරීම සඳහා දීර්ඝකාලිනව පෙනී සිටි අයෙක් වන අතර පසුගිය වසරේ COP 26 සමුළුවේ සමාරම්භක දේශනය ද ඔහු විසින් සිදු කළේය.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශකවරයෙකු ලෙස හිටපු නෝර්විජියානු පරිසර අමාත්‍ය එරික් සෝල්හයිම් පත් කර තිබෙන අතර ලබන මාසයේ ඊජිප්තුවේ පැවැත්වීමට නියමිත Cop 27 සමුළුට ජනාධිපතිවරයා සහභාගීවීමට නියමිතය.

 Leader YouTube නාලිකාවේ පසිනි විතානගේ සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්මුඛ සාකච්ජාව

සුබ උදෑසනක් ජනාධිපතිතුමනි,
ඔබ අප වෙනුවෙන් ලබාදුන් කාලයට බෙහෙවින්ම ස්තූතියි,
අද අපි කතා කරන්න යන්නේ ජාත්‍යන්තර මාතෘකාවක් පිළිබඳවයි. ඒ තමයි දේශගුණික විපර්යාස පිළිබඳව. මෙය ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබෙන ප්‍රධාන මාතෘකාවක්.


පසිනි :
ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස කෙරෙහි මෙතරම් උනන්දුවක් දක්වන්නේ ඇයි, විශේෂයෙන් රටේ ආර්ථික අර්බුදයක් තිබෙන අවස්ථාවක.

ජනාධිපති :
ආර්ථික අර්බුදය දෙස බලන විට අපට නිරායාසයෙන්ම දේශපාලන විපර්යාස පිළිබඳව ද අවධානය යොමු කිරීමට සිදු වෙනවා. මොකද ආර්ථිකය සහ දේශගුණික විපර්යාස එකිනෙකට සම්බන්ධයි. අපිට මේ තත්ත්වයෙන් ගොඩඑන්න නම් රටේ ආර්ථික සංවර්ධනයක් ඇති විය යුතුයි. අපි ඉදිරියට යා යුතුයි. එසේනම් අපේ ආර්ථිකය හරිත ආර්ථිකයකට යොමු කළ යුතුයි. එය තමයි ලෝකයේ අද සියලුදෙනා අනුගමනය කරන්නේ. අපිට එයින් පිටත සිටිය නොහැකියි.
දෙවනුව හරිත ආර්ථියක් ලෙස ශ්‍රී ලංකාවට ඇති දැවැන්ත විභවය හඳුනාගත යුතුයි. අපි දැන් තමයි පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අවධානය යොමු කර තිබෙන්නේ. ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලැබිය හැකි බොහෝ ක්ෂේත්‍ර  තිබෙන අතර ඒවා පිළිබඳ අපි අවධානය යොමු කළ යුතුයි.


පසිනි :
දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීම සඳහා ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර ඇති හෝ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මුලපිරීම් මොනවද,

ජනාධිපති :
ඇත්තටම ලංකාවේ දේශපාලන අස්ථාවරත්වය නිසා Cop 26 පසුව වැඩි දෙයක් කරලා නැහැ. නමුත් අපිට සැලසුමක් තිබෙනවා. අප 2015 වසරේ දී අත්සන් තබන ලද පැරිස් ගිවිසුමේ ඇතුළත් කරුණු එහිදි සැලකිල්ලට ගෙන තිබෙන අතර Cop 26 දී ගත් තීරණ සහ දේශගුණික විපර්යාස පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලයීය ප්‍රධානීන්ගේ යෝජනාව ද සැලකිල්ලට ගෙන තියනවා.

තවද නිල් ආර්ථිකයක් පිළිබඳවත් අවධානය යොමු කරලා තිබෙනවා. එම රාමුව තුළ අපගේ මුලපිරීම් අපට ඇති විභවයන් සකස් කරන අතර එහිදි අපි ගත යුතු පියවර පිළිබඳ සැලකිල්ලට ගත යුතුයි.

එහිදී ජලය පිළිබඳව ද අවධානය යොමු කළ යුතුයි. එමෙන්ම නිසරු පස සහ වනාන්තර යළි රෝපණය පිළිබඳවත් එහිදී අවධානය යොමු කිරීමට අපට සිදු වුණා. ඊට අමතරව ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු කලාපයටම ධාරිතා වර්ධනයක් අවශ්‍ය බව මගේ හැඟීම..

ඊට අමතරව දේශගුණික විපර්යාස විෂයයට සම්බන්ධ නිලධාරීන් සහ ක්‍රියාකාරීන් අතර ධාරිතා ගොඩනැගීම සඳහා කැපවුණු දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් ද අපි යෝජනා කර තිබෙනවා.


පසිනි :
ඔබ Cop සමුළුව ගැන සඳහන් කළා. තවද ඔබ Cop 27 සමුළුවට සහභාගීවන බව නිවේදනය කර තිබෙනවා. මෙම සමුළුවට සහභාගී වීමෙන් ඔබේ රජය බලාපොරොත්තු වන්නේ කුමක්ද,

ජනාධිපති :
එහිදී අපගේ කාර්යභාරය ඉටු කිරීමට අවශ්‍ය වන්නේ ඉන්දියන් සාගර දූපතක් ලෙස අපට ඇති කළ හැකි බලපෑම් පිළිබඳව අප සැලකිලිමත් වන නිසා. විශේෂයෙන් අපි ඉන්දියාවත් සමග එකට වැඩ කළ යුතුයි, විශේෂයෙන්ම තමිල්නාඩු වැනි ප්‍රාන්ත සමග.

දේශගුණික විපර්යාස පිළිබඳ බොහෝ දේ සිදුවෙමින් පවතිනවා. මට අවශ්‍ය වන්නේ අපි පෙනී යෝජනා කළ දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය සඳහා සහාය ලබා ගැනීමටයි. ඒ නිසා අපි ඉදිරියට ගමන් කරනවා.

දේශගුණික විපර්යාස පිළිබඳ මගේ විශේෂ නියෝජිතයා ලෙස කටයුතු කරන්න මම මාලදිවයිනේ හිටපු ජනාධිපති නසීඩ් අහමඩ් මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා. මේ අතර එරික් සෝල්හයිම් මහතා අපගේ නිති සම්පාදනය මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ විශ්ව විද්‍යාලය යන දෙකේම උපදේශකයෙක් ලෙස පැමිණිලා තිබෙනවා.


පසිනි :
දේශගුණික විපර්යාස සමුළුව මේ වසරත් සමග දැනට වාර 27ක් සඳහා ක්‍රියාත්මක වී තිබෙනවා. ඔබ හිතනවද ඒ සමුළුව සාර්ථකයි කියලා, එසේ නැත්නම් එය වැඩිදියුණු කිරීමට ඉඩක් තිබෙනවද,

ජනාධිපති :
2015 ඇත්තටම වැදගත් වසරක්. මොකද ඒ වසරේ තමයි දේශගුණික විපර්යාස ගිවිසුමට අපි අවතීරණ වුණේ. නිසැකයෙන්ම 26 වන සමුළුවත් ඉතා වැදගත්. අපි Cop 26 ගැන පසු විපරම් කළයුතුයි.

ඇත්තටම සමහර රටවල් යම් කිසි පසුබෑමකට ලක්ව තිබෙනවා, එසේත් නැතිනම් ඔවුන්ගේ ස්ථාවරයන්ගෙන් ඔවුන් පසැබෑමකට ලක් වෙලා තිබෙනවා. Cop 27 වැදගත් වන්නේ එබැවින්. එංගලන්තේ චාල්ස් කුමරුට Cop 27 සමුළුව අමතන්න ආරාධනා කර තිබුණා. මම හිතන්නේ ඒක ගොඩක් වැදගත්.

එහෙත් අවාසනවාකට වගේ ඔහුගේ සහභාගීත්වය පිළිබඳව එංගලන්තයේ යම්කිසි ගැටලු මතුවී තිබෙන බව පෙනී යනවා. මට එංගලන්තය ගැන කතා කිරීමට පුලුවන්කමක් නැහැ. නමුත් පොදුරාජ්‍ය මණ්ඩල සාමාජිකයෙක් ලෙස මම හිතන්නේ පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වන චාල්ස් කුමරු මේ සඳහා සහභාගි විය යුතුයි. පසුගිය පෙබරවාරි මාසයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුවේදී දේශගුණික විපර්යාස පිළිබඳ යෝජනාවක් සම්මත කරගනු ලැබුවා. එම නිසා චාල්ස් කුමරු මෙම සමුළුවේ සිටිය යුතුයි. මම හිතන්නේ එක්සත් රාජධානි රජය ඔවුන්ගේ තීරණය නැවත සලකා බැලිය යුතු අතර, චාල්ස් කුමරුන් ඊජිප්තුවේ පැවැත්වෙන Cop 27 සමුළුවට සහභාගීවිය යුතුයි, මන්ද එහිදී ඔහුට විශාල කාර්යභාරයක් පැවරී ඇති බැවින්...


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්