තිස්පස් වසරකට පෙර ඉන්දීය හමුදා ප්‍රහාරයකින් පවුල් පිටින් මරා දමන ලදුව අදටත් යුක්තිය ඉටු නොවූ නිරායුද දෙමළ ජන සමූහයක් යාපනයේදී අනුස්මරණය කර තිබේ.         

 

ඔක්තෝබර් 12 වැනිදා පෙරවරුවේ යාපනය කොකුවිල්, හිදි අනුස්මරණය සිදු කර ඇත්තේ ඉන්දීය සාමසාධක හමුදා ප්‍රහාරයකින් ඝාතනයට ලක්වු කුඩා දරුවකු, කාන්තාවන්, වැඩිහිටියන් ඇතුළු දෙමළ පනස් පස් දෙනකු  සිහිකරමිනි.

ඝාතනයට ලක්වුවන් සිහිපත් කරමින් කොකුවිල්හි පිරම්පඩි ප්‍රදේශයේදී ස්ථාපිත කර තිබෙන ස්මාරකය අබියසදී ඝාතනයට ලක්වුවන්ගේ පවුල් වල ඥාතීන් සහ ගම් වැසියන් එක්ව මෙම අනුස්මරණය සංවිධානය කර තිබු බව පළාත් බද වාර්තාකරුවෝ  පවසති.

මිය ගිය පිරිස සිහි කරමින් මලින් පහනින් උපහාර පිදීමට ඔවුන් කටයුතු කර තිබේ.

xfgfg

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ 1987 ඔක්තෝම්බර් 12 වැනිදා මධ්‍යම රාත්‍රියේදී ඉන්දීය සාම සාධක හමුදාව සහ එල්.ටී.ටී.ඊ සංවිධානය අතර වු ගැටුමකින් අනතුරුව මෙම දෙමළ වැසියන් ඝාතනයට ලක් වු බවයි.

එතැනින් ආරම්භ කළ සමූහ ඝාතන මාලාවකට ඉන්දීය හමුදා මුල පුරා ඇත්තේ විමුක්ති කොටි සංවිධානයේ ප්‍රහාරයෙන් ඉන්දීය භට පිරිසක් යාපනයේදී මිය යාමෙන් අනතුරුවයි.


සාම සාධනය

ජේ ආර් ජයවර්ධන ආණ්ඩුවේ ආරාධනයෙන් උතුර මර්දනය කරන්නට පැමිණි සාම සාධක නම්ලත් ඉන්දීය හමුදා විසින් 1987 ඔක්තෝබර් 13 දා සිදුකරන ලද පළමු සමූහ ඝාතනය සේ ගැනෙන මෙම අපරාධයේ ම්ලේච්ඡ ස්වභාවය ඇසින් දුටුවකු ජාත්‍යන්තර වාමාංශික ව්‍යාපාරයේ ක්‍රියාධරයකුට විස්තර කර තිබුනේ මෙසේය.

“මැෂින් තුවක්කු වලින් ඝාතනය කර, යුද්ධ ටැංකිවලින් පොඩි පට්ටම් කර දමා තිබූ මල සිරුරු විසිහයක් පිරම්බඩි පාරේ ලේ විලක විසුරුවා තිබුණා. කොකුවිල් කෝච්චි ස්ටේෂමටයි, ටෙක්නිකල් එකටයි ළඟ පාරක පවුල් හතරක හැම කෙනෙක්ම මරා දාලා! එතන අවුරුදු හැටේ අයත් පුංචි ළමයිනුත් හිටියා. ඒගොල්ලෝ එක්ක නැවතිලා හිටිය විශ්ව විද්‍යාලේ ළමයි හතරදෙනකුටත් අත් වෙලා තිබුනේ ඒ ඉරණමමයි.”

ඉන්දීය භට පිරිස් LTTE ගරිල්ලා ප්‍රහාරයට ගොදුරු වීමෙන් අනතුරුව අවට ප්‍රදේශයේ ජනතාව පමණක් නොව යාපනය විශ්ව විද්‍යාලයද ගොදුරු බිමක් කරගත් අයුරු යාපනයට ගිය විප්ලවවාදී කම්කරු ලීගයේ වාමාංශික ක්‍රියාකාරිකයාට පිරම්බඩි වීදියේ වැසියකු විසින් විස්තර කර තිබුණි.



“ඔක්තෝබර් 12 රෑ පැරෂුට් කාරයන් කණ්ඩායමක් ප්‍රභාකරන් හැංගිලා ඉන්නවා කියන ආරංචියට විශ්ව විද්‍යාල භූමියට බැස්සුවා. විසි නම දෙනෙක් එවෙලේම LTTE එක වෙඩි තියලා දැම්මා. පණ බේරාගත්තු 31 දෙනෙක් ලඟපාත ගෙවල් වලට පැනලා LTTE එකෙන් බේරෙන්න ඒ හිටපු අය ප්‍රාණ ඇපයට අරගත්තා.”



ඊට පසුදා සන්නද්ධ රථ පෙළක් පැමිණ ඇත්තේ කොටුවී සිටින භට කණ්ඩායම ගලවා ගැනීමටය. වාහනවලින් පැමිණි භට පිරිස් කටුව ආ ඔත්තුකරු LTTE වෙඩි පහරින් ඇද වැටී තිබේ. ප්‍රදේශවාසීන් දෙදෙනකු අල්ලාගත් ඉන්දීය භටයන් බලකර ඇත්තේ ප්‍රභාකරන් ඉන්නා තැන පෙන්නන ලෙසයි. ඒ ගැන කිසිත් නොදන්නා බව කී ගම්වාසීන් දෙදෙනා ඉන්දීය භටයන් කොටුවී සිටින තැන පෙන්වා තිබේ.

“එතැනට ගිය ගමන්, කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව ඒ දෙන්නට වෙඩි තියලා දාලා, අල්ලාගෙන සිටි අයටයි අහල පහල හැමෝටමයි වෙඩි තියන්න ගත්තා. ගමේ අනික් අය පන බේරගන්න වෙන තැන වලට දිව්වා. අපිට මැෂින් තුවක්කු වලින් වෙඩි තියෙනවයි, කෑ මොර දෙනවයි ඇහුණා.”

ඉන්දීය භටයන් ප්‍රදේශය හැරගිය පසු පිරම්බිඅඩි හැරදමා සැමදෙනාම කොකුවිල් හින්දු විද්‍යාලයේ අනාථ කඳවුරට ගොස් තිබේ.

“ටික වෙලාවකින් යාපනය විශ්ව විද්‍යාලයේ පුස්තකාලයටයි, තවත් ගොඩනැගිලි වලටයි බෝම්බ දැම්මා.”

හිටපු රජයේ ප්‍රධාන මිනින්දෝරු ආචාර්ය තාමෝදරම් සෝමසේකරම් විසින් පසුකලෙක ලියා ඇති පරිදී මරා දමන ලද්දවුන්ගේ සිරුරු වල දමා ඇත්තේ සමූහ මිනී වලකය.


"වඳුරු හමුදා"

සාම සාධනය සඳහා යැයි රජයේ ආරාධනයෙන් පැමිණ උතුරේ වාඩිලා සිටි ඉන්දීය භටයන් විසින් එයින් නොනැවතී ඔක්තෝබර් මාසයේ සමූහ ඝාතන මාලාවක් සිදුකර තිබේ.

ඉන්දීය සමූහ ඝාතන සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් හෝ හානියට පත් වුවන්ට වන්දි ගෙවීමක් හෝ ගෙවී ගිය තිස් පස් වසර තුලදී පෝක් සමුද්‍ර සන්ධිය දෙපස කිසිදු ආණ්ඩුවකින් සිදුවී නැත.

ඉන්දීය මැදිහත් වීමෙන් බලය බෙදා හැරීමට විරුද්ධව දියත් කළ සන්නද්ධ අරගලයකින් පරාජය වී පසුකලෙක එක් ශ්‍රී ලාංකික ආණ්ඩුවක අමාත්‍ය පදවි ද ඉසිලූ ජනතා විමුක්ති පෙරමුණ ද, තමන් විසින් “වඳුරු හමුදා” නම් පටබැඳි ඉන්දීය හමුදා උතුරේ සිදුකළ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය සලසා දෙන්නට කිසිත් කර නැත.

 

 
 
  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්