1200 x 80 DMirror

කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ඔහු යටතේ ඇති රාජ්‍ය ආයතන 23ක් එහි රාජ්‍ය අමාත්‍යවරුන් යටතට පත්කර විශේෂ ගැසට් නිවේදනයක්

නිකුත් කර තිබේ.  

ඒ අනුව, කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ප්‍රාථමික කර්මාන්ත සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශවලට අයත් විෂය පථ ගැසට් කරනු ලැබ ඇත.

මේ අනුව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක යටතට ලංකා ලේලන්ඩ් ලිමිටඩ් සීමාසහිත ජාතික කඩදාසි සමාගම ජාතික ලුණු සමාගම, ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව හා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ඇතුළු ආයතන 12 ක් ඇතුළත් වෙයි.

ඊට අමතරව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යටතට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය ජාතික ශිල්ප සභාව ලංකා සළුසල ලිමිටඩ් ඇතුළු ආයතන 11 ක් ඇතුළත් කර ඇත.

රාජ්‍ය ආයතන හා ඊට අදාල විෂයන් ලබාදීම සිදුකර ඇත්තේ, ඔක්තෝම්බර් 11වන දින 2301/32 දරණ ඇති විශේෂ ගැසට් පත්‍රය මගිනි.

 

මෙහි විශේෂත්වය වන්නේ කැබිනට් අමාත්‍යවරුන් අතරින් තම අමාත්‍යංශය යටතේ සිටින රාජ්‍ය අමාත්‍යවරුන් වෙත මෙසේ ගැසට් නිවේදනයක් මගින් වගකීම් බෙදාදී ඇත්තේ වෛද්‍ය රමේෂ් පතිරණ පමණක් වීමයි. ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා විසින් තේනුක විදානගමගේ සහ අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරුන් වෙත ආයතන පවරා වගකීම් පවරා ඇතත් එය මෙතෙක් ගැසට් කර නොමැත.

 

අනෙකුත් අමාත්‍යවරුන් මෙම කාරණය සම්බන්ධයෙන් සලකා බැලීමක් හෝ සිදුකර නොමැති බව වාර්තාවේ. ඒ සම්බන්ධයෙන් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සහ වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මේවනවිටත් බරපතල විරෝධයක් මතුකර ඇතැයි වාර්තාවේ. 

 
ප්‍රසන්න රණතුංග බෙදා දීපු හැටි.. 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්