ත්‍රිකුණාමලය උපාය මාර්ගික වරායක් ලෙස සංවර්ධනය කිරීමේදී ඉන්දියාව සමඟ එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
මෙම පියවර ගන්නේ මැතිවරණ ඉලක්ක කර ගනිමින් නොව අනාගත පරපුරේ යහපත සඳහා බව ද ජනාධිපතිවරයා කීය .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම (Surbana Jurong plan) පිළිබඳ අද (14) ත්‍රිකුණාමල ඔර්ස් හිල් (Orr's Hill) එළිමහන් භූමියේ පැවති විශේෂ සාකච්ඡාවට එක් වෙමිනි.
ඉන්දියාවට තෙල් ටැංකි ලබාදීමේ දී මතු වු විරෝධතා පිළිබඳව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා සදහන් කළේ, එදා එම තෙල් ටැංකි ලබාදීමට ගත් තීරණය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දුන්නේ නම් රට ඉන්ධන අර්බුදයකට මුහුණ නොදෙන බවයි.
ත්‍රිකුණාමල දිස්ත්‍රික් ක්‍රමෝපායික සංවර්ධන සැලැස්ම ඡන්දය ඉලක්ක කර ගත්තක් නොව මතු පරපුර වෙනුවෙන් ක්‍රියාත්මක ව්‍යාපෘතියක්ත්‍රි බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
https://theleader.lk/news/13772-2022-10-14-15-49-43#sigProIda10af1cdd3
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න