තවත්, රාජ්‍ය අමාත්‍යාංශ 04කට අදාළ විෂයයන් ගැසට් කර තිබේ. සෞඛ්‍ය, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග සහ විදුලිබල හා බලශක්ති යන රාජ්‍ය අමාත්‍යාංශවලට අදාළ විෂයපථයන් එලෙස ගැසට් කර ඇත.
ඒ අනුව, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය යටතට පෞද්ගලික වෛද්‍ය නියාමන සභාව, 1990 සුවසැරිය පදනම, දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය යන ආයතන පත්කර තිබේ.
මීට අමතරව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය යටතට ආයුර්වේද දෙපාර්තමේන්තුව, ආයුර්වේද වෛද්‍ය සභාව, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව යන ආයතනවලට අයත් විෂයයන් ගැසට් කර ඇති බව සඳහන්ය.
මේ අතර තැපැල් දෙපාර්තමේන්තුව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය යටතට ගැසට් කර ඇත.
එමෙන්ම විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය යටතට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගම, ත්‍රිකුණාමලය ඛනිජ තෙල් පර්යන්ත සමාගම, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන කිහිපයකට අදාළ විෂය පථයන් ඇතුළත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ඔහු යටතේ ඇති රාජ්‍ය ආයතන 23ක් එහි රාජ්‍ය අමාත්‍යවරුන් යටතට පත්කර ඔක්තෝම්බර් 11 දා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් පසු අනෙකුත් කැබිනට් අමාත්‍යවරුන්ද සිය අමාත්‍යංශ යටතේ සිටින රාජ්‍ය අමාත්‍යවරුන්ට අදාල ආයතන හා බලතල බෙදාහරිමින් මෙලෙස ගැසට් නිවේදන නිකුත්කරමින් සිටිති.
සබැඳි පුවත් :
රමේෂ්, රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනාට ආයතන 23ක් බෙදයි
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න