රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ගමන් කරමින් තිබු සුඛෝපභෝගී ජීප් රථය තවත් රථයක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබේ.
පුත්තලම නගරය ආසන්නයේ දී මෙම අනතුර සිදුවී ඇති අතර ඉන් අනෙක් රථයේ සිටි පුද්ගලයා බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
තුවාලකරු කොළඹ ජාතික රෝහල වෙත යොමුකර ඇති බව වාර්තා විය.
අනතුරට පත් පුද්ගලයා පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි සිව් දරු පියෙකු බව රෝහල් ආරංචිමාර්ග පවසයි.
අනතුර සිදුවූ වහාම රාජ්‍ය අමාත්‍යවරයා වෙනත් වාහනයකින් එම ස්ථානයෙන් පිටව ගොස් ඇතැයි වාර්තාවේ.
අණ නොතකා ධාවනය කළ රථයකට පොලිසිය වෙඩිතබයි
මේ අතර අණ නොතකා ධාවනය වූ නීතිවිරෝධී මත්පැන් රැගෙන ගිය මෝටර් රථයකට මාරවිල මරද ප්‍රදේශයේදී පොලීසිය විසින් වෙඩිතැබීමක් සිදුකර තිබේ.
එම රථය මාරවිල මරද ප්‍රදේශයේදී වළහපිටිය දෙසට ධාවනය වී ඇති අතර එය පසුපස හඹාගිය පොලීසිය එහි පිටුපස රෝදයට වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇත.
වෙඩිදීමෙන් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහී මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී නතරවී තිබේ.
පසුව පොලීසිය විසින් රථයේ රියදුරුව අත්අඩංගුවට ගෙන තිබේ.
රථය පරීක්ෂා කිරීමේදී එහි නීතිවිරෝධී මත්පැන් බෝතල් 125ක් තිබූ බව පොලීසිය සඳහන් කරයි.