'එක්ව නැගිටිමු' යන මැයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජන හමු මාලාවේ දෙවන අදියර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ
ප්‍රධානත්වයෙන් අද (16) නාවලපිටියේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබියදී නාවලපිටිය නගර මධ්‍යයේ පැවති විරෝධතාවයකට සහභාගී වී සිටි පුද්ගලයන් පහළොස් දෙනෙකු පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
ජිවන වියදම එරෙහිව, සමගි ජන බලවේගය විසින් අද පෙරවරුවේ නාවලපිටිය නගරයේ සංවිධානය කළ උද්ඝෝෂණයට සහභාගී වූ සමගි ජන බලවේග නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් ඇතුළු එම පක්ෂයේ ක්‍රියකාරීන් 15 දෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
නාවලපිටිය, කොත්මලේ මාර්ගය අවහිර කරමින් මෙම උද්ඝෝෂණය පැවති බවද පොලිසිය පවසයි.
විරෝධතාවට පොලිසියෙන් අවසර ලබාගෙන නොමැති බැවින් පොලිසිය ඒ බව ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගී කොටගෙන පැවසුවද එය නොතකා එම පිරිස නගරයට පිවිසිමට උත්සහ කිරිමේදි මෙම පිරිස අත්අඩංගුවට ගත්බව පොලිසිය කියා සිටියි.
අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ පිරිස නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව නාවලපිටිය පොලීසිය පැවසිය.
View the embedded image gallery online at:
https://theleader.lk/news/13796-nawalapitiya-15-12#sigProIda3752c61e8
https://theleader.lk/news/13796-nawalapitiya-15-12#sigProIda3752c61e8